යුද හමුදාවේ 1412කට උසස්වීම්
යුද හමුදාවේ 75වන සංවත්සරයට සමගාමීව, යුද හමුදා නිලධාරින් 139දෙනෙකුට සහ සෙසු නිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත, ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි 1,412ක් උසස් වීම ලබා දී ඇත.
මේ අනුව යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක නිලධාරීන් 131දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08දෙනෙකු ලුතිනන් නිලයටත් උසස්වීම් ලැබූහ.
එමෙන්ම නිත්‍ය හා ස්වෙච්ඡා බළ සේනාවන්හි බලලත් නිලධාරී II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 99දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 185දෙනෙකු බලලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 380දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 346දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 111දෙනෙකු කෝප්රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 152දෙනෙකු ලාන්ස් කෝප්රල් නිලයටත් උසස් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

