වලංගු බලපත් නොමැතිව ගම්පහ නගරයේ පවත්වාගෙන ගිය බව කියන ඔසුසල් දෙකක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගනු ලැබූ බව ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකය සදහන් කරයි.
රජරට ප්‍රදේශයේ හටගන්නා ආර්ථික භෝග විශාල වශයෙන් ආර්ථික වටිනාකමක් නොමැතිව ගස් යට වැටී යන බවත්, එම බෝග නාගරික ප්‍රදේශවල සුවිශාල මිල ගණන් යටතේ අලෙවි කෙරෙන බවත්, ගොවියා මරා ගෙන කන අතරමැදි මාෆියාව වහා නතර කිරීමට රජයේ පියවර ගත යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.
Read Moreආරච්චිකට්ටුව කරුක්කුලිය ශ්‍රී ජයතිලකාරාම විහාරස්ථ දායක සභාව විසින් වරෂයක් පාසා නොකඩවා සංවිධානය කරනු ලැබූ ලේදන්දීමේ වැඩසටහන් මෙවරත් 41 වෙනි වරට එම විහාරස්ථානයේදී අද (13) පැවැත්වීය.
Read Moreප්‍රදේශ රැසක කොල්ලකෑම් හා සොරකම් රැසකට සම්බන්ධ කැස්බෑව නිවුන්ගම මයියා ඇතුළු පුද්ගලයන් දෙදෙනකු හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය විම හේතුවෙන් දිවයින පුරා වැසි තත්වයේ වැඩි වීමක් බලාගපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreනිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා ප්‍රකාශයට පත් කර තිබෙන පොදු සමාකාලය මෙ මස 20වන දිනෙන් අවසන් වන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවෙසක් සමයේ දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තුවන ප්‍රදේශයන්හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලිඛිතව දැනුම්වත් කොට අවසර ලබාගැනීමකින් අනතුරුව දන්සැල් පැවැත්වීම අනිවාර්ය වන අතර එසේ නොකරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 22 වැනිදා රුපියල් මිලියන 15ක් සහ පසුගිය 30 වැනිදා රුපියල් මිලියන 13ක් ලෙස මෙම මුදල බැර කර ඇත.
Read Moreකෘෂිකර්ම ක්ෂේත්‍රයෙහි රැකියා සඳහා තරුණ තරුණියන්ට කොරියාවට යෑමේ හැකියාව පිළඳව සාකච්ජා කරමින් තිබෙන බවත්, විභාගයක් නොපවත්වා එරටට යැවීමේ කිසිදු ගිවිසුමකට එළඹ නැති බවත් කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් එකතු කළ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත්කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreරජය පාර්ශ්වයෙන් තමන්ගෙන් ඉල්ලීමක් කළොත් දැනට රුසියාවේ හා යුක්රේනයේ කුලී හමුදා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සතියක් තුළ මෙරටට ගෙන්වා දීමට තමන්ට හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තාතාපති උදයංග වීරතුංග මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද (12දා) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රෙයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
Read Moreසාලියවැව යාය හතේ බිළිඳාගේ මරණයට හේතුව කැරට් අල කැබැල්ලක් ස්වාසනාලයේ සිරවීමෙන් සිදුවූවක් බවට ඒ පිළිබඳව 12 දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව සාලියවැව පොලීසිය පැවසීය.
Read Moreඉදිරි වසරේ දී අපේක්ෂිත 3%ක ආර්ථික වර්ධනයත් සමඟ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ද කටයුතු කරනවා රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක්. රාජ්‍ය ණය කළමනාකරණ නීතිය, රාජ්‍ය මුදල් පනත සහ ආර්ථික පරිවර්තන නීතිය ඇතුළත් පනත් කෙටුම්පත් ජූනි මාසයේ දී පාර්ලිමේන්තුවට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය ලබාදුන් රටවල් සමඟ ඇතිකරගත් කොන්දේසි ද නීතියක් ලෙස ගෙන එනවා. රටේ අනාගතය වෙනුවෙන් මෙම නීති සම්මත කර ගැනීමට සියලු දේශපාලන පක්ෂ සහාය ලබා දිය
Read Moreඇල්ල කරඳගොල්ල මලිතගොල්ල නායයාමේ අවදානම අවම කිරීමේ දීර්ඝකාලීන පිළියම් අද 12 දින සිට ආරම්භ කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreකල්පිටිය කන්දකුලිය ප්‍රදේශයෙ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් සමග සැකකරුවන් 5 දෙනෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ නිළධාරීන් විසින් 12 දින අත් අඩංගුවට ගත් බව කියයි.
Read Moreසූරියවැව වැවේගම ප්‍රදේශයේදී පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණිකතත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 13ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
Read Moreකොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට අද 12 සවස හපුතලේ උඩවිහාරගල ප්‍රදේශයේදී ගල් පර්වත සමඟ පස් කන්දක් කඩා වැටී එක් මං තීරුවකට වඩා වැඩි කොටසක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
Read Moreමෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කර පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩ ව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය. රටේ සියලු ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගික ව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතු ව ඇත
Read Moreවිදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා ඇති අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබේ.
Read Moreමීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කිහිපයක් පමණි. එබැවින් රජයේ දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බවයි. එවිට, ඊළඟ ජනාධිපතිවරණය ජය ගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ හා ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කෝට්ටේදී පැවැත්වෙන එම පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී හිටපු ජනපතිවරයා මෙම ඉල්ලා අස්විම ප්‍රකාශ කර තිබේ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්වී ඇත බව වාර්තාවේ.
Read Moreරත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා සතු රිවෝල්වරය පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලන් ලැබි ඇතයි රත්නපුර පොලිසිය පවසයි’
Read Moreකළුතර බන්ධනාගාරයේ රදවාසිටී තරුණ රැඳවියෙකු හදිසියේ අසනීපව මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
Read Moreතීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreබෝම්බ සහ ජීව උණ්ඩ තොගයක් ළදරු කිරි බෝතල් බහාලුමක සඟවාගෙන සිටි වැලිපැන්න නවුත්තුඩුව කොලහෑකඩ ප්‍රදේශයේ සංචාරක මාර්ග උපදේශකවරයෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
Read Moreතෝරගත්ත පිරිසකට වාහන ආනයනය කිරිමට අවසර නොදෙන බවත් මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreතායිලන්ත රජුගේ උපන් දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධාගමිකයන් වෙනුවෙන් ඉදිරි ජුනි මාසයේදී දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ලබා දීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද 05/11 දින එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
Read Moreබුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
Read More