ස්ලේවැකියා අග්‍රාමාත්‍යවරයාට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදේස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ අනූවක් ( රුපියල් මිලියන 09 ක් ) පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් 10 ක් ලෙස එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 05/15 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි දාසය හැවිරිදි තරුණියක පැහැර ගැනීමට පැමිණිබව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreමෙවර අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreශිරාන් බාසික් යන අයට අයත් බව කියන දෙහිවල සෝල් බීච් හෝටලය මීට මාස කිහිපයකට ඉහතදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩා ඉවත් කිරීමෙන් පසුව පසුගිය දිනවල නැවත අලුත්වැඩියා ආරම්භ කර ගෙන ගොස් ඇත.
Read Moreකොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
Read Moreපානදුර ප්‍රසිද්ධ විද්‍යාලයක ගුරුවරියක් පදවාගෙන යමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එය පැදවූ තරුණයා මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත්කළ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතට එම ධුරයේ කටයුතු කිරිම වලක්වමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය යළිත් ලබන 27 දා තෙක් දිර්ඝ කිරිමට එම අධිකරණය අද නියෝග කළේය.
Read Moreකොළඹ වරාය නගරයේ මේ වන විට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කර සිටින චයිනා හාබර් ඉංජිනියරින් කොම්පැනි (ලංකා) ලිමිටඩ් ආයතනය සඳහා මෙරට ක්‍රියාත්මක වන පනත් 10 ක් යටතේ තීරු බදු ,ආනයන බදු ,ආදායම් බදු ,ලාභාංශ බදු ආදී බදුවලින්,විවිධ අයකිරීම් හා මූල්‍යමය හා විවිධ විධි විධානවලින් නිදහස් කිරීම් හා දිරිගැන්වීම් රැසක් ප්‍රදානය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනක් නිකුත් කර තිබේ.
Read Moreපිළියන්දල හොරණ පාරේ පිහිටි කළකට පෙර මියගොස් සිටින පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ පුද්ගලයෙකුගේ නිවසේ තිබී මෝටර් උණ්ඩයක්, අංක මකා දමන ලද ටී56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 96 ක්, ට්‍රසර් උණ්ඩ 20ක්, බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
Read Moreහබරණ පුවක්පිටිය ප්‍ර දේශයේ මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක දිවා කාලයේ ජිවත් වන රාත්‍රිය ගසක් උඩ පැලක ජිවත්වන තරුණ මවක් පසුගිය අම්මාවරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකලාය.
Read More2023 ජූලි 31 වැනිදා වන විට මෙරට මහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 7,495ක් සහ මහේස්ත්‍රාත් අධිකරණවල පවතින ළමා අපයෝජන නඩු 12,580ක් ලෙස සමස්ත නඩු 20,075ක් පවතින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreමාස 06ක කාලයක පරීක්ෂණයන්ට යටත් විය යුතු එන්නතක් මාස දෙකක කාලයක් තුළ නිෂ්පාදනයට අවසර දීමෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නීතියට පටහැණිව කටයුතු කර ඇතැයි නීතිඥ නිල් ශාන්ත සිරිමාන්න මහතා අභියාචනාධිකරණයට ඊයේ (14දා) දැනුම් දුන්නේය.නිර්වින්දන ඇතුළු වෙනත් රෝග සඳහා භාවිත කරන එන්නත් 08 ක් නිෂ්පාදනය කිරීමට ජාතික ඖෂධ නියාමක අධිකාරිය නීතියට පටහැණිව දුන් අනුමැතිය වළකාලන්නැයි ඉල්ලමින් සමාජ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙ
Read Moreමෙම වසරේ මේ දක්වා ලාදුරු රෝගීන් 1500 ක් පමණ වාර්තා වී ඇති බවත්, එසේම වර්ෂයේ පළමු කාර්තුවේ රෝගීන් වාර්තාවීමේ අඩුවක් දැකගන්නට ලැබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.
Read Moreපැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරනවා. නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලය අනුමත කළා – ජනපති.
Read Moreවර්ථමානයේ රෝගී අනුපාතනය අනුව ජනගහණය 1000ට වෛද්‍ය නිලධාරීන් 1.2ක් සිටින බවත්, එමෙන්ම රෝගී ඇඳන් අනුපාතය අනුව ජනගහණය 1000ට රෝගී ඇඳන් 4ක් තිබෙන බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read More1990 සුවසැරිය ගිලන් රථ සේවයේ භාවිත කළ ගිලන් රථ 322න් ගිලන් රථ 56ක් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/13) අත්අඩංගුවට ගන්නා ලදී.
Read Moreමෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කළේය.
Read Moreකොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම්දීම නිසා ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දීමත් සමග, ඒ සඳහා වහා ක්‍රියා කරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (13) උපදෙස් ලබා දුන්නේය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා රැදවි කාන්තාවකට කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවෙන් ඉල්ලා ඇති වාරණය නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට (15) ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (14) දැනුම් දුන්නේය.
Read Moreමෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.
Read Moreකුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දුට එක්සත් ජනපදයට යාමට මෙතෙක් වීසා බලපත්‍ර ලැබී නොමැති බව වාර්තා වනවා. කෙසේවෙතත් සංචිතයේ සෙසු ක්‍රීඩකයන් අද උදෑසන ඩුබායි හරහා නිව්යෝර්ක් බලා පිටත්ව ගිය නමුත් වීසා ප්‍රමාදය හේතුවෙන් මෙන්ඩිස් සහ ප්‍රනාන්දුට ඔවුන් හා එක්වීමට නොහැකිවී ඇති බව වාර්තාවනවා.
Read Moreඉතා ප්‍රබල මාධ්‍යයක් වන සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ නිවැරදි තොරතුරු ජනගත කිරිම මගින් රෝගය සම්බන්ධ නිවැරදි දත්ත, තොරතුරු සහ දැනුම්වත්භාවය ලබාදීම මෙහි මූලික අරමුණ වන අතර, රෝගය සම්බන්ධව පවතින වැරදි මත නිවැරදි කර ඉතා ඉක්මණින් සැඟවී සිටින රෝගීන් ප්‍රතිකාර සදහා යොමු කිරිමට අපේක්ෂා කරන අතර ම රෝගීන් සමාජයෙන් කොන් කිරීම අවම කිරිම තුලින් ඔවුන්ට යහපත් මානසික වටපිටාවක් නිර්මාණය කිරීම ද තවත් ඉළක්කයකි.
Read Moreදකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Read Moreබොරැල්ල සරණපාල හිමි මාවතේ නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදී’’ කුඩු ශිරෝ’’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් තැන්පත්ව තිබූ බැංකු පොතක් , මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreමැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ සොරකමක් සම්බන්ධව විභාග වෙමින් පවතින නඩුවකට පසුගියදා(11දා) පැමිණි සැකකරුවෙකු නඩුව අවසන් වී, නිවස වෙත යමින් සිටියදී, අධිකරණය අසල නිවසක නවතා තිබූ, යතුරුපැදියක් සොරකම් කරගෙන ගොස් තිබියදී අත් අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය පවසයි.
Read Moreරට තුල විකිණෙන ආනයනික ප්ලාස්ටික් සහ කාඩ් බෝඩ් වෙසක් කූඩු නිසාවෙන් දේශීය වෙසක් කූඩු නිර්මාණකරුවන්ගේ නිෂ්පාදන විකුණා ගැනීමට දැඩි අපහසුතාවයක් පවතින බවත්, එමගින් රට තුල සිටින දරු පරපුරේ නිර්මාණශීලීතාවය, ඉවසීම සහ අවබෝධය වැනිදේ ඔවුන්ගේ සිත් වලින් මැකී ගොස් ඇති බව වෙසක් කූඩු නිෂ්පාදකයෝ පවසති.
Read More