පොලිස් ජිප් රියක් අනවසරයෙන් ගෙන ගොස් අනතුරක් කළ කොස්තාපල් අත්අඩංගුවට
පොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී ත්රී රෝද රථයක හප්පා එහි රියදුරු ට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා පෙරේදා 28 අළුයම් කාලයේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නොමැතිව පොලිස් ජීප් රථය රැගෙන රත්මලාන මැලිබන් හන්දි දෙස සිට මොරටුව දෙසට ධාවනය කිරීමේදී රත්මලාන දුම්රිය පෙළ පාර දෙස සිට බෙලෙක් කඩේ හංදිය හරහා ධාවනය වෙමින් තිබූ ත්රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබූ බව පොලිසිය කියයි.
ජීප් රථය පැද වූ රියදුරා මත්පැන් පානය කර සිටි බවට අනාවරණීය වී යැයි උසස් පොලිස් නිලධාරියකුු පැවසීය
තුවාල ලද ත්රී රෝද රථ රියදුරා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත
සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර අප මත මුදා හැරිය බව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

