තායිලන්ත රජුගේ උපන් දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධාගමිකයන් වෙනුවෙන් ඉදිරි ජුනි මාසයේදී දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ලබා දීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.
කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු එම කටයුතු මෙහෙය වූ පුද්ගලයා ද 05/11 දින එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
Read Moreබුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළ ජනාධිපතිවරයා නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
Read Moreකාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්. කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක්. කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව. 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි- ජනපති.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයේදි කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා ඉහළ නැංවිමට දැනට යෝජනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු- මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවම් වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. 5 කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
Read Moreවිවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් 10 දින රාත්‍රී දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී අනතුරකට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් තවත් නව දෙනෙක් තුවාල ලබා දඹුල්ල මූලිකරෝහලට ඇතුළත් කර ඇතැයි සීගිරිය පොලිසිය කියයි.
Read Moreඅහුංගල්ල, මරදාන ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමකින් 54 හැවිරිදි අයෙක් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වී ඇති නාය යාම දැනට පතිත වන ධාරානිපාත වර්ෂාවත් සමඟ තව දුරටත් සක්‍රීය වීම. නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇති හෙයින් ආරක්ෂිත උපදෙස් ක්‍රියා මාර්ග ගන්නා ලෙසට අදාළ වගකිවයුතු සියලුම අංශ අද (10) පස්වරුවේ දැනුවත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූවිද්යඥ හර්ශනී පෙරේරා මහත්මිය පැවසුවාය .
Read Moreසම්මානනීය පුවත්පත් කතුවරයකු මෙන්ම සිනමා ලේඛකයෙකු ලෙස දසක පහකට අධික කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ නිරතව සිටි ඒ.ඩී. රංජිත් කුමාර මහතා අද (10දා) අභාවප්‍රාප්ත විය.
Read Moreහිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා
Read Moreඅයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.
Read Moreදකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10දා) දකුණු ආසියානු කලාපයේ සංචාරයක් ආරම්භ කිරිමට නියමිතය.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණ, නැවගනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ මාතවේ, මුලතිවු සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
Read Moreනීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත විස්කි බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද 05/09 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreවිදේශගතව සිට්න සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන අහුන්ගල්ලේ පදිංචිකරුවෙකු වූ ආබ්‍රෙව් හෙවත් බබා ගේ පියා වන 54 හැවිරිදි කලුහත් කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කළ ඝාතකයන් දෙදෙනා පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදිය බාන්වැල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක ගිනි තබා තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.
Read Moreඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (09) උදෑසන යළිත් දිවුරුම් දුන්නා.
Read Moreබොරතෙල් බැරලයක මිල 2023 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වනදා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.28 දක්වා 17.0% කින් පහළ ගොස් ඇති බව 2024/05/06 දින නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ බැංකු වාර්තාවේ සඳහන් වේ.
Read More2023.01.01. සිට 2024.01.01 දක්වා කාලය තුළ මත්පැන් බලපත්‍ර 214ක් ලබා දී ඇති බවත්, එයින් බලපත්‍ර 147ක් ලබා දී ඇත්තේ සංචරක කර්මාන්තය සඳහා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
Read Moreවසර 1900 ක ඉතිහාසයකට නෑකම් කියන පබ්බතාරාම සංකල්පයට අනුව සැකසූ පැරණි විහාර සංකීර්ණයක් හා වර්ග අඩි 400 – 500 පමණ විශාලත්වයකින් යුතු චෛත්‍යයක නටබුන් නාඋල - බඹරගහවත්තෙන් හමුවී ඇත.
Read Moreඇමෙරිකාවේ ස්ථාපිත විදෙස් තානාපති කාර්යාල රටේ සංස්කෘතිය හා ජීවන පසුබිම විදහාපාන ’’පාස්පෝට් DC 2024’’ සදහා මෙවර 5037ක වාර්තාගත ජනතාවක් ආකර්ශනය කර ගැනීමටශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්වූ බව ’’පාස්පෝට් DC වැඩසටහන’’ නිළ ලෙස ප්‍රකාශ කළේය.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කදාණ පොලිස් වසමේ පියෝ මාවතේ නිවසක ගබඩා කර තිබියදී ජාඇල මහජන සෞඛ්‍ය කාර්යාලය ට අයත් නිලධාරීන් පිරිසක් විසින් 09 දින සවස අත් අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read Moreවසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
Read Moreඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය අහෝසි වීම හේතුවෙන් සමගි ජන බලවේගයේ හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම් කළ මුජිබර් රහුමාන් මහතා මන්ත්‍රීවරයෙක් ලෙස පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂින් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද (09දා) නිකුත් කර තිබේ.
Read Moreඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreරටේ ජනතාව රැවටීමේ කාලය මෙම වසරේ අග අවසන් වන බවත්, ඒ අනුව රට දිනවන සත්‍ය ජයග්රශනය කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreතම දියණිය 52 වතාවක් දූෂණය කළත්, මාධ්‍ය ඒ බැව් කතා නොකරන්නේ ඇයිදැයි සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති ප්‍රශ්න කළේය. ඊයේ කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය වෙත යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතා ඔහු එසේ ප්‍රශ්න කළේය.
Read Moreනීති විරෝධී මාර්ග හරහා රුසියා - යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙය් හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රීයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read More