saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 1733 hours ago

LATEST

භාෂා පරිවර්තකයෙක් ලෙස ආපු චීන ජාතිකයා මාස 6කදී ලක්ෂ 3650ක් හොයලා

calendar_today 2024 මැයි 16 - 19:29 remove_red_eye - 3397  

චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365 කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.

බදුල්ල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද 16 සවස හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.

Read More

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම මාධ්‍ය අංශය සදහන් කරයි.

Read More

උසින් අඩි 80කට වැඩි සහ පළලින් අඩි 80 ක් පමණවූ ශ්‍රී ලංකාවේ තොරණ් ඉතිහාසයේ විශාලතම සහ අලංකාරයෙන් වැඩිම තොරණ තොටළඟ නාගලගම් වීදිය පොදු වෙළෙඳ පොළ ඉදිරිපිට මේ දිනවල ඉදිවෙමින් පවතිනු අද 16දා පෙරවරුවේ කැමරා ඇසට මෙසේ හසුවිය.

Read More

අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග ආණමඩුව ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයාට හා ආරක්ෂක නිළධාරීයාට පහර දීමේ සැලසුමක් ඇති බවට සිසුවෙකුගේ මවක් කල දැනුවත් කිරීමත් සමග පාසලට පොලිස් ආරක්ෂාව සමග පොලිස් බුද්ධි නිළධාරින් යෙදවිමට සිදුව තිබු බව ආණමඩුව පොලිසිය කියයි.

Read More

දැරිය ගැබ්කල පුද්ගලයත් අත්අඩංගුවට

Read More

ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ අපොස සාපෙල විභාග මධ්‍යස්ථානයෙ විභාගයට පෙනි සිටි සිසුන් පිරිසක් පාසල් භුමියෙ දේපොල වනසා ඇති තිබෙන බව ආණමඩුව පොලිසිය පවසයි.

Read More

මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස්පෙළ පන්ති එළ‌ෙඔන ජූනි මස 04 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය වක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Read More

කල්පිටිය සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආයෝජන කටයුතු සඳහා දූපත් හයක් බද්දට ගත් පුද්ගලික සමාගම් පහකින් නියමිත දිනට ලැබිය යුතු රුපියල් 5,90,25,931 ක බදු මුදලක් අයකර ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය අපොහොසත් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

පසුගිය කාලයේ වෙලඳපලේ කැරට් මිල ඉහල ගිය සේම මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක මිල රු.3000ද ඉක්මවා ගොස් ඇත.

Read More

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (5/15) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

දඹගල්ල පොලිස් වසමට අයත් මහබැද්ද ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන්හමුදා සෙබලෙකු විසින් කරන ලද පැමිණිල්ලක් මත රුසියායාවේ රැකියා සඳහා යවන බව පවසා රුසියා යුක්‍රේන යුද්ධයට පුද්ගලයින් යැවූ හිටපු යුදහමුදා සෙබලෙකු දඹගල්ල පොලීසිය මඟින් මොනරාගල පොලීසියට දැනුම්දීමෙන් පසු ඉකුත් අද(16) දින මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

පළාත් පාලන ඡන්ද විමසීමට කැදවූ නාම යෝජනා අවලංගු කිරීමට රජය අර අදින්නේ දේශපාලනික අයුතු වාසියක් ලබා ගැනීමට බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (16) උදේ අම්බලන්ගොඩ පෝරඹ ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

ශ්‍රීලනිප හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Read More

මේදිනවල පවතින වැසි තත්වය හා නාය යෑම් හේතුවෙන් මාර්ගය හරහා රොන්මඩ ගලා යාම නිසා වාහන අනතුරු සිදුවන බැවින් ඒ් පිලිබඳ දැඩි සුලකිල්ලකින් යුතුව රිය ධාවනය කරනලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.

Read More

මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහැර නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි .

Read More

බස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා ජූලි 01 වැනි දින සිට නැවතුම්පොළ පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබන්නේ මගී ප්‍රවාහනය සඳහා අවසර ලත් ත්‍රිරෝද රථ සඳහා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

අපොස සමාන්‍ය පෙල විභාගයට පෙනි සිටිමට ගොස් පසුගිය (14දා) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

Read More

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකු ට මරු කැදවමින් 21 ට බරපතළ තුවාල සිදු කරමින් සිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි ලාබාල තරුණියක් ඊයේ (15) රාත්‍රි මියගිය බව දියතලාව පොලිසිය පවසයි .

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවල මූලික අදියර අවසන්ව ඇති බව වාර්තා වේ.

Read More

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට අහිමිවන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණය සඳහා වූ ගැසට් පත්‍රය එළඹෙන ජූලි මාසයේ දී නිකුත් කිරීමට නියමිත බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතුවලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මේ අදහස්

Read More

මත්ස්‍යයන් අනුභව කරන ලංකාවේ ව්ශාලතම මත්ස්‍යයා ලෙස සැලකෙන මසකට විශාල මුදලක් වැයකර නඩත්තු කරන ලද, හැරෆයිමා මාළුවා අද (15දා) මියගොස් තිබේ.

Read More

මියගොස් ඇති තැනැත්තියක වෙනුවෙන් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.