saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 1720 hours ago

LATEST

යුද හමුදාවේ 1509ට උසස්විම්

calendar_today 2024 මැයි 19 - 11:36 remove_red_eye - 178  

15 වන විජයග්‍රාහී යුද සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ 1509කට උසස්වීම් ලබාදීමට ජනපතිවරයාගේ උපදෙස් මත කටයුතු කර තිබේ.

දිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේ සිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට ජුනි 06 දා සිට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කාළගුණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද කාළගුණික අනතුරු ඇඟවීමේ නිවේදන හා ජාත්‍යන්තර කාළගුණික ආයතනවල තොරතුරු අනුව ඉදිරි දිනවලදී දිවයිනේ බස්නාහිර ,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි මිලි මීටර් 100 කට අධික වර්ෂාවත් සමග එම ප්‍රදේශ ආශ්‍රිත ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර තත්වයන් ඇතිවීම පිළිබඳව වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් පූර්ව ගංවතුර ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගිරාදුරු කෝට්ටේ උල් හිටිය රත් කිඳ ජලාශයේ ජල මට්ටම අද 18 දහ අට රාත්‍රියේ රඳවා ගත යුතු ප්‍රමාණයට වඩා ඉහළ යන පසුබිමක තවදුරටත් තද වර්ෂාව ලැබෙමින් පවතින බැවින් එහි වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බැවින් රත්කිඳකෝසුව හරහා ගමන් ගන්නා රථ වාහන එහි සවිකර ඇති සයිරනය පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

Read More

ඉදිරියේදී අනිවාර්යෙන්ම පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවත්, කුමන පක්ෂ වටා ජනතාව පෙළ ගැසුනද රටේ ජනතාව රටට අවශ්‍ය පාලකයා හා ජනාධිපතිවරයා තීරණය කරනු ලබන්නේ මැතිවරණය අවසන් මොහොතේදී බව තමා අත්දැකීමෙන් දන්නා බවද, මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළේය.

Read More

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නාය යාමේ අවධානම හේතුවෙන් තාවකාලිකව රාත්‍රි වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (19) උදෑසන 6 සිට විවෘත කල බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2022/2023 විභාගය සමත්ව 2024/2025 උසස් පෙළ විභාගයට විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව 5000 ක් පිරිනැමීමට ජනාධිපති අරමුදල හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒකාබද්ධ වැඩ සටහනක් ලෙස සැලසුම් කර ඇත.

Read More

මුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් අද (18) පස්වරුවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යැවීමට කරන්දෙණියේ තරුණ පිරිසක් කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

Read More

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි.

Read More

’’මේවා මම ප්‍රසිද්ධ වේදීකාවේ කිව්වාම සමාජ මාධය ජාලාවලින් මට හොදටම දෙසන බව මම දන්නවා. නමුත් සත්‍ය තත්ත්වය එයයි. ලෝකයේ මොනම රටකවත් නැති පහසුකම් සහිත ඉතා උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලංකාවේ තිබෙනවා.’’

Read More

15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර ඇත.

Read More

රතුපස්වල පැවිති විරෝධතාවයකට වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.

Read More

දිවයිනේ සියලු පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 22000 ක හිගයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

රුපියල් කෝටි දහයක ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක , සීදුව කළම්බු කාර්ගෝ බන්ධිත ගුදම් ගබඩා සංකීර්ණය වෙත කූරියර් පාර්සල් සේවය ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබියදී 05/17 පස්වරුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමග ඒවා ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද 05/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

පැවති ධාරාණිපාත වර්ෂාව සමග අද 17 අලුයම බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශයේ විශාල නායාමක් සිදුවීමෙන් අඹදණ්ඩේගම පිටවලපතන ගම්මානයට යාමට ඇති මාර්ගයද සම්පූර්ණයෙන් නාය ගොස් ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසීය.

Read More

හිටපු යුද හමුදාපති ජනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක මහතා සමගි ජල බලවේගය හා එක්ව තිබේ. ඒ අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ නායකයා ලෙස පත්කිරිමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. මහේෂ් සේනානායක මහතා ලංකාවේ 22 වැනි යුද හමුදාපතිවරයා වෙයි.

Read More

මේ රටේ විවිධ සමාගම් ආයතන, පුද්ගලයන් ඇතුළු 4479 දෙනෙකු රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනකින් බදු මුදල් රජයට ගෙවීම පැහැර හැර ඇති බව මහ බැංකු විශ්ලේෂණ අධ්‍යයන වාර්තාවක් මඟින් අනාවරණය වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාල අධ්‍යයයන සහ සංඛ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ මේ රටේ මද්‍යසාර නිෂ්පාදනය කරන ආයතන 28 ක් මෙයට ඇතුළත් වන බවය.

Read More

මේවර නිරිත දිග මෝසම තත්වය මේ මස 25 වන දින වන විට ආරම්භ විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කර තිබෙන බව .ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

Read More

රත්නපුර හිටපු නගරාධිපති ටිරෝන් අත්තනායක මහතාගේ සොරාගත් පිස්තෝලය කාන්තාවකගේ සන්තකයේ තිබී රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචන කොඩිතුවක්කු මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත කාන්තාව මුදා හැර තිබේ.

Read More

මෙම වසරේ ඉදිරි කාලය තුළ රාජ්‍ය සේවක කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමේ හැකියාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

තුන් නිවුන් දරු උපතක් බිහිකළ හබරණ පුවක්පිටිය මහා වන මැද කටුමැටි ගැසූ නිවසක ජීවත්වන ගිහානි සුපේෂලා කුමාරි මහත්මියට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ යප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උප දෙස් දෙයි.

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

Read More

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හල්දුම්මුල්ල, හපුතලේ, හාලිඇල, බදුල්ල මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, උඩපාලත, උඩුනුවර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, දෙහිඹ්විට, බුලත්කොහුපිටිය, ගලිගමුව, වරකාපොල, කෑගල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, රත්නපුර, කලවාන, ඉඹුල්පේ කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් සඳහා පළමු මට්ට

Read More

චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365 කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.

Read More

බදුල්ල ඇල්ල හරහා වැල්ලවාය මාර්ගය අද 16 සවස හයේ සිට හෙට උදෑසන හය දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Read More

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල සම පළමු ස්ථානයට ශ්‍රී ලංකාවේ විස්සයි20 නායක වනිඳු හසරංග හා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් පත්ව තිබේ.

Read More

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැයි 18වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව එම මාධ්‍ය අංශය සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.