saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

Latest News - timelapse 11132 hours ago

LATEST

පොලීසිය සොයමින් සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

calendar_today 2019 මැයි 15 - 16:47 remove_red_eye - 1275  

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව කොච්චිකඩේ පල්ලියට බෝම්බකරු රැගෙන ආ වෑන් රථය මිලදි ගත් හා එහි ආසන සකස් කළ සැකකරු පොලීසිය විසින් නව කාන්තන්කුඩි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

වාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අද (15දා) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානයට තහනම් මාර්ග භාවිතා කරමින් කිසිම විටක ඇතුළු නොවන ලෙස සංචාරකයන්ගෙන් හා විදෙස් සංචාරක මගපෙන්වන්නන්ගෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදිප් කුමාර මහතා ඉල්ලා සිටී.

Read More

වයඹ පළාතටත්, ගම්පහ දිස්ත්‍රික්කයටත් අද රාත්‍රී 7.00 සිට හෙට (16දා) අලුයම 4.00 තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

ජාතීන් හා ආගම් අතර මෙන්ම මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘මහසොන් බළකායේ’ ප‍්‍රධානී අමිත් වීරසිංහ නමැත්තා ලබන 28දා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනී පෙරේරා මහත්මිය අද (15දා) නියම කළාය.

Read More

ආගමික අන්තවාදයෙන් බිහිවන අන්තවාදී ත්‍රස්තවාදය ඇතුළු ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් අතුගා දැමීමට සියලූ රාජ්‍යයන් මිත්‍රශිලිව අත්වැල් බැඳගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

Read More

නීතිය හා සාමය ආරක්ෂා කිරීමත් සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කිරිමත් නායකයන් ලෙස මේ අවස්ථාවේ වගකීමක් බවද ඔහු සඳහන් කරයි.

Read More

සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පොහෝ දිනය හේතුවෙන් අනිද්දා (17දා) සිට 20 දා දක්වා දින 4ක් සුරා සැල් වසා තැබිමට සුරා බදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

Read More

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට නියෝග කර තිබේ.

Read More

කැකිරාව, මඩාටුගම ප්‍රදේශයේදි දඹුල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇත.

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

‘සම්පූර්ණ මුහණ’ යන යෙදුමේ අර්ථ නිරූපණය වෙනුවට දෙකන් ඇතුළත් නෙවන පරිදි අර්ථ නිරූපයක් කර තිබේ.

Read More

බන්ධනාගාරගත කොට ඇති යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් අද (15) විශ්වවිද්‍යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඒම ප්‍රහාරයේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට අයි.ඒස්. ත්‍රස්ත සමබඳතා සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

විවාහක කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර රුපියල් එක්ලක්ෂ හතලිස්දහසක හා පනස්පන්දහසක වටිනාකම් ඇති ගෙල බැදි රන් මාල දෙකක් කොල්ලකෑ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන බදුල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී නඩු වාරයක් සඳහා මහියංගණ උසාවිය සඳහා ගෙනවිත් සිටියදී, ඊයේ (14) දහවල් සිරකූඩුවෙන් එළියට ගැනිමේදී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පළා ගොස් ඇත.

Read More

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා කලුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරි ඒ.ආර්. ප්‍රනාන්දු මහතා නුගේගොඩ කොට්ඨාසය වෙතත් නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්. සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලෙසත් මාරු කර තිබේ.

Read More

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

තුන්මෝදර ප්‍රදේශයේ නොසන්සුන්තාව ඇතිවන විට ආරක්ෂක අංශ අඳින ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගයෙකු සම්බන්ධයෙන් පැතිර යන විඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාවේ අවධානය යොමුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

Read More

බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විකිලිය දඔගහමුල්ල ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබි ටි 56 ජිව උණ්ඩ නවයක් සහ වෙනත් ගිනිඅවි සඳහා භාවිතා කරන ජිව උණ්ඩ දොළහක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සිදුවූ දේපළ හානි කිරීමේ හා පූජනීය ස්ථාන කීපයකට හානි කිරීමේ සිදුවීම් කිසියම් දේශපාලන කුමන්ත්‍රණකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස සංවිධානාත්මක කල්ලයක් විසින් සිදුකරන ලද ඒවා බවට පොලීසියට තොරතුරු හෙළිවී තිබේ.

Read More

දැනට පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සේවයේ අවශ්‍යතාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතට පත්කර ඇත.

Read More

රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ නෝර්වීජියානු පිය පුතු දෙපළක් ඊයේ (14) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 504ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මත්පැන් පානය කළ යතුරු පැදියක් පැදවු ත්‍රිරෝද රථ රියදුරෙකුට යතුරුපැදි කරුවෙකුට කඩුවකින් පහර දිමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන චෝදනා නවයක් යටතේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් හැට දෙදාහක දඩ මුදලක් නියම කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.

Read More

යුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය සහ භූමිය ප්‍රදේශවාසීන් විසින් මේ දින වල එළිපෙහෙළි කරමින් සූදානම් කර තිබේ.

Read More

මෙවර ශ්‍රීපාද සමයේදී ප්ලාස්ටික් බෝතල් ලක්‍ෂ දහයකට අධික ප්‍රමාණයක් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් එම භූමියට මුදාහැර තිබෙන බවට වාර්තාවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

මින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා කළොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරිමට කටයුතු කරනවා.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති,ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14දා) පැවසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද (15දා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් ’අද’ට වාර්තාවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.