මැයි 20 දා රජයේ නිවාඩුවක් වෙයි
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල යෙදීමටත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.
සිරංගිකා ලොකුකරවිට

popular news
-
කරුණාරත්ත Wednesday, 15 May 2019 10:18 PM
ඔබතුමා නිළධාරීන්ට නිවාඩු දෙන්න හරි කැමතියි.ඔබගේ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රාදේශිය මට්ටමේ කාර්යාලවල නිළධාරීන් හැමදාම නිවාඩුයි.වැඩකරන්නේ ගොලුබෙලි ගමනටත් අඩු වේගෙන්.ඒවා ඇත්තද බලන්න අමාත්‍යාංශය යටතේ අදහස් ලබාගැනීමට වෙබ් අඩවියක් ඇතිකරන්න.එයින් ජනතා පැමිණිලි බාරගැනීමටත් කටයුතු කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

