දකුණු පළාත් සභා පාසල් සඳහා වෙනමම නියෝගයක්
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා තිබේ.
අද පස්වරු 12.30ට පමණ පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේතු දන්වා නොමැත.
දකුණු පළාතේ ක්රියාත්මක ජාතික පාසල්වලට මෙම නියෝගය අදාළ නොවේ.
දකුණු පළාතේ ජාතික පාසල් පස්වරු 1.30ට අවසන්විමට නියමිතය .
ඒ අනුව බෝහෝ පිරිසක් මේ හේතුවෙන් ගැටලුවකට පත්ව ඇති බව දකුණු පළාත් ගුරුවරු, පාසල් බස් රථ රියදුරන් ඇතුළු බොහෝ දෙනෙකු සඳහන් කරයි.

popular news
-
සිරිබිරිස් Monday, 01 July 2019 05:41 AM
මේකනේ අපි කියන්නේ පළාත්සභා කියන්නේ වෙනම ආණ්ඩුකියල.අතීතයේ මෙවැනි වැඩවලට කිව්වේ පිස්සිගේ පළාමල්ල වගේ කියලයි.සිරිලංකාව පිස්සිගේ පළාමල්ලක් කල පළාත්සභා අහෝසිම කරමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

