අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේත්‍රාත් කේසර සමදිවාකර මහතා නියම කළේය.
Read Moreනව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඞී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.
Read Moreහැරිසන්ගේ විෂයක් ගැලවෙයි - වසන්තට රාජ්‍ය ඇමතිකමක්
Read Moreමේ හරහා ප්ලාස්ටික් හා පොලිතින් පයිරොලයිසිස් තෙල් හා කාබන් කඩු බවට පරිවර්තනය කරයි.
Read Moreකුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreදීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබුණේ මීට වසරක පමණ කාලයකට පෙර වුවද, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා තුනකදීම කල්ගියේය.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉනදීය ජාතික විමර්ශන ඒජන්සියේ දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇතැයි ඉන්දීය මාධය වාර්තා කරයි.
Read Moreඒ අනුව තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන කටයුත සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට ඔවුන් පනවා තිබූ සංචාරක උපදේශනය ඉවත් කර තිබේ.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreහැටන් නගරයේ පොලිතින් අලෙවි කරන වෙළදසැලක සේවකයෙතු සතු රු පහලොස්දහසක් පමණ වටිනා ජංගම දුරකථනය සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීසිය සිසිටිවි දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.
Read Moreබණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅනුරාධපුර මහනගර සභාව මගින් අනුරාධපුර කීරික්කුලම කසල අංගණයට කැලි කසළ බැහැර කරනු ලබන්නෙන් මහජන සෞඛයට අහිතකර අන්දමින් බවට අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා කරනු ලැබීය.
Read Moreමිනී මැරුම් සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
Read Moreසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කරයි.
Read Moreතවුහීද් ජමාත් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබාගත් චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත් කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියා ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධවී නැති බවට හෙළි විමෙන් අනතුරුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.
Read Moreනැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සඳහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර ඇත.
Read Moreගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොළ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරිවරයා ක්ෂණිකව ක්‍රියාත්මක වී වෙඩි තැබීමට සුදානම් වීම මත කොල්ලය වැරදීමෙන් පළා ගොස් ඇති බව ගම්පහ පොලීසිය පවසයි.
Read Moreඌව කැරැල්ලට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් වූ සෙන්පතින් 05 දෙනාද ජාතික විරුවන් ලෙස නම් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටු රැස්වීමට ඉදිරිපත් කළේය .
Read Moreකුරුණෑගල ප්‍රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට තියෙනවා. අත්අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුණත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreඋමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.
Read Moreගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නබඩගහවත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට නොහැකි වන ආකාරයෙන් බාධා එල්ල කරන බව පවසමින් ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ග්‍රාම නිලධාරිවරයෙකු ගලේවෙල පොලීසියට පැමිණිලි කොට තිබේ.
Read Moreපමුණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් සැරයන් වරයෙක් ඊයේ (27) රාත්‍රියේ දියේ ගිලී මිය ගොස් තිබේ.
Read Moreදැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) දින පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන්නට වූහ.
Read Moreඅන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
Read Moreගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල පාලම අසල මාර්ග බාධකයේ රජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු විසා නොමැතිව මෙරට රෑදි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreටයර් සෑදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාමෙන් මෙම බීඩිකොළ ගෙන්වා තිබේ.
Read Moreඑංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
Read More