saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9986 hours ago

LATEST

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කොරියානු රජයෙන් ඇ.ඩොලර් මිලියන 10.96ක ප්‍රදානයක්

calendar_today 2020 ජන 21 - 19:20 remove_red_eye - 355  

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.96ක ප්‍රදානයක් ලබා දිමට කොරියානු රජය තිරණය කරයි.

බස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ඇතැම් පාර්ශව විසින් ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන අතරතුළදී ඔහු මෙසේ හඬපට සභාගත කිරීමට කටයුතු කළේය.

Read More

මහනුවර නගරය තුළ නිරන්තරයෙන් පවතින අධික ශබ්ද දූෂණය පාලනය කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මහනුවර මහනගර සභාවේ පරිසර ආරක්ෂණ සහ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ කමිටුව විසින් මහනුවර පොලීසිය මධ්‍යම පරිසර අධිකාරිය, ඇතුළු පරිසරයට සම්බන්ධ සියලු ආයතනවල සහාය ඇතිව අද (21) වන දින ක්‍රියාත්මක කරනු ලැබීය.

Read More

’’පියුමි තමයි හරියටම කිව්වේ කෝකේන් ගහන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගැන. මම පියුමිව උපායදූතියක් ලෙස යොදා ගත්තා’’

Read More

රංජන් රාමනායක මහතාගේ හඬපට වලට මුවාවි රජය පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දමමින් සිටින බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

තමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.

Read More

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදි දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරඟ කිරිමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්ෂණය යටතේ උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා බස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, තිලංග සුමතිපාල, ඉන්දික අනුරුද්ධ හා ගාමිණී ලොකුගේ යන මහත්වරුන් මෙසේ විෂයන් පවරා දී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

පසුගිය කාලය තුළ නිසි අවධානයට ලක් නොවු ශ‍්‍රී ජයවර්ධනපුර බැද්දගාන තෙත්බිම් උද්‍යානය නැවත ජන ආකර්ෂණයට යොමු කරවීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.

Read More

හෙරොයින් ග්‍රෑම් 03ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතළ වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය.

Read More

සෞභාගයේ දැක්ම නුදුරු අනාගතයේ යථාර්ථයක් වන විට රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඉදිවීමට නියමිත ජාත්‍යන්තර මැණික් මධ්‍යස්ථානය නිසා රත්නපුරය ලෝකයේ ජනප‍්‍රිය හා දියුණු නූතන නගරයක් බවට පත්වන බවත්, එය ශී‍්‍ර ලංකාවේ කීර්තිය වැඩි වීමට මෙන්ම ආර්ථික දියුණුවට සෘජුව බලපාන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ධර්මයට අපහාස කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් 3කුට එක් අයෙකුට ඩිරාම් 500000 (රුපියල් කොටි 2.5) බැගින් දඩයක් ගෙවන ලෙස ඩුබායි අධිකරණයක් නියෝග කර තිබේ.

Read More

බදුල්ල මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයෙක් වන ආතර් සිල්වා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ඉවත්ව තිබේ.

Read More

බැඳුම්කර වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම යෝග්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

නඩුවකට අදාළව පැමිණිල්ලේ මුල් පිටපත් සහ සාක්ෂි සම්පිණ්ඩන සහිත වාර්තාවක් ලබා දීම සඳහා සැරයන්වරයා මෙම පුද්ගලයාගෙන් අල්ලස් ඉල්ලා තිබේ.

Read More

පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවලු මිල අද ( 21) දින සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

Read More

19 පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ යොමුකළ පන්දුවක් මේ වන විට ක්‍රිකට් ලෝකයේ වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

Read More

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නිතිපති ගොනු කළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (21දා) තීන්දු කළේය.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ථ දේශපාලඥයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් දඬුවම් නියම කර තිබේ.

Read More

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ බහුලව පරිභෝජනය කෙරෙන ආහාර වර්ග 50ක ඇති පෝෂණ සංඝටක සහ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ වූ විශ්ලේෂණ වාර්තාවක් එළඹෙන මැයි මාසයේදී එළිදැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය කටයුතු යොදා තිබේ.

Read More

සත්තාකර සිම්බාබ්වේ කණ්ඩායම සමගින් හරාරේ හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට තරගය නිම කරන විට එක් කඩුල්ලකට ලකුණු 42ක් රැස්කරගෙන සිටියි.

Read More

කොබෙයිගනේ පොලිස් වසමේ හෙංගමුව ප්‍රදේශයේ පිහිටි සත්ව ගොවිපලක් තුළ සුනඛයෙකුට අමානුෂික ලෙස වායු රයිෆලයකින් වෙඩි තබා පහරදීමට අදාළව අත්අඩංගුවට ගත් එම සත්ව ගොවිපොළේ මුරකරු නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.