බස්නාහිර පළාත හා රථ වාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධික්ෂණය යටතේ උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා බස්නාහිර පළාත තුළ සියලුම පොලිස් වසම් ආවරණය වන පරිදි අපරාධ වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එම මෙහෙයුමේදි විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 627ක් සහ වරෙන්තුකරුවන් 128ක් ඇතුළුව මුළු සැකකරුවන් 755ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් එම පොලිස් බල ප්‍රදේශවලට අයත් අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරියටත් මෙවන් වැටලිම් සිදු කිරිමට පොලීසිය කටයුතු කරනු ඇත.
