පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවලු මිල අද ( 21) දින සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.
මෙසේ එළවලු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවලු තොග අද දින අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව වෙළෙන්දෝ වැඩිදුරටත් කියා සිටිති.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක්ස් හැර අනෙකුත් එළවලු බොහෝමයක මිල මේ ආකාරයෙන් පහත වැටිම විශේෂත්වයකි.
එළවලු වර්ග බොහෝමයක් ඉකුත් සතියේදි කිලෝවක් රුපියල් 150ත් 300ත් අතර මිලයකට අලෙවි වූ අතර අද දින පෙරවරුව වනවිට එම එළවලු කිලෝවක තොග මිල රුපියල් 60 සිට 80 දක්වා පහත වැටී තිබිණි.
එමෙන්ම රාබු නෝකෝල් වැටකොලු, කරවිල, පතෝල වම්බටු දඹල මෑකරල් ආදී සියලුම එළවලු වර්ග කිලෝවක තොග මිල රුපියල් 40 සිට රුපියල් 80 දක්වා මිලකට පැවැති අතර මෙම එළවලු වර්ග සියල්ලම කිලෝව රුපියල් එකසිය පනහේ සිට රුපියල් 300 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.
යාපනය අර්ධද්වීපයේන් විශාල වශයෙන් එළවලු තොග ලැබීම නිසා එමෙන්ම පහතරට ප්‍රදේශ වලද එළවලු අස්වැන්න මේ දිනවල නෙළිමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග ලැබෙමින් පවතී.
විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 90 දක්වා වූ මිලකට අලෙවි වෙති. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර ඉහළ මිලකට අලෙවි වීම සිදු වූ අතර මේ වනවිට එම මිලද කිලෝව රුපියල් 45 දක්වා අඩුව තිබීම විශේෂත්වයකි.
පසුගිය සති කිහිපයේ රුපියල් 400ත් 600ත් අතර අලෙවිවූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 දක්වාද රුපියල් 250කට අලෙවිවූ වම්බටු කිලෝව මේ වනවිට රුපියල් 45ත් 60 දක්වාද රුපියල් 180කට අලෙවි වූ දඹළ කිලෝ රුපියල් 35 දක්වාද රුපියල් 180කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60දක්වා පහත වැටී තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් ගෝවා බෝංචි ලීක්ස් කැරට් මිල පසුගිය සතියට වඩා යම් මට්ටමකින් අඩු වුවද කැරට් කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර බොංචි කිලෝවක් රුපියල් තුන්සියයකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 160 දක්වා මිල පහත වැටී තිබේ .ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සිය හැටකට අලෙවි වූ අතර මේ වනවිට ලීක්ස් කිලෝවක තොග මිල ද රුපියල් 240 දක්වා පහත වැටී තිබේ.
ඉකුත් සතියේ රුපියල් 350ත් 400ත් අතර වූ අතර අලෙවි වු තක්කාලි කිලෝ තොග මිලද රුපියල් 250 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියාසිටියේ මින් ඉදිරියට දිගටම එළවලු ලැබීමත් සමඟ මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බවය. යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් ලැබෙන එළවලු නිසා රටේම එළවලු මිල පහත යනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති.
යාපනය අර්ධද්වීපයෙන් වීශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොග ලැබීමත් එක්ක පසුගිය සතියේ කිලෝවක් රු 280කට අලෙවි වු බිට් කිලෝව රුපියල් 60 දක්වා පහත වැටි ඇති බව දඹුල්ලේ වෙළෙන්දෝ පවසති .
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
