saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9315 hours ago

LATEST

බදුල්ල පස්සර මාර්ගය යළි වසයි

calendar_today 2019 දෙසැ 04 - 22:45 remove_red_eye - 485  

අයහපත් කාලගුණහ හේතුවෙන් පස්කදු කඩාවැටීම නිසා බදුල්ල - පස්සර මාර්ගය නැවත අද සවස සිට තාවකාලිව වසා දැමූ බව බදුල්ල පොලීසිය පවසයි.

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

Read More

ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර නව නුවර මාර්ගයේ කුඩා නෙළුම්කුලම ප්‍රදේශයේ මාර්ගයක් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී, පිරිමි පුද්ගල මළ සිරුරක් අද (4දා) සොයා ගත් බව අනුරාධපුර පොලීසිය පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම පිළිබඳව පක්ෂ නියෝජතයන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

පරිසරය සුරැකිමට දේශපාලන භේදයක් අවශය නොවන බව ඉඩම් හා ඉඩමි සංවර්ධන හා පරිසර හා වනජිවි සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

Read More

රාජගිරියේ සිදුවූ අනතුරට අදාළ පරීක්ෂණවලට තමන් මුහුණ දුන් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 3) දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමක දී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අධිවේගී මාර්ගය හා සම්බන්ධ අලිමංකඩවල් ඉදිකිරීමේදී හරිත සංකල්පයට මුල් තැන ලබාදෙන ලෙස වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

Read More

ටී 56 ජිවඋණ්ඩ 63ක් , බෝර 12 තුවක්කුවක් ද ඒ සදහා භාවිතා කරන පතුරම් 10ක් , හක්කපටස් 03 සහ වේලන ලද මුව මස් කිලෝ 3ක් ද යුද හමුදා ඇඳුමක් ඇතුළු උපකරණ රැසක් සමග එක් පුද්ගලයෙකු අද (04) දින අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේදි අත්අඩංගුවට ගත් බව නිකවැව වනජිවි බිට්ටු කාර්යාල නිලධාරිහු පවසති.

Read More

ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කළ හා බරපතළ ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කළ පිරිස්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අද (04දා) දින මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

Read More

නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

2018 වස‌රේදී ශ්‍රී ලංකාවට සීනි හා කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 94000ක් වැයකර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 01 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ හොත් මහ මැතිවරණය අප්‍රේල් මස 25/26 යන දිනවලින් එකක පැවැත්විය හැකි බව සඳහන් කර තිබේ.

Read More

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

Read More

රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් ඉදිරියේදී මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේසම් වන ලෙසත් වාන් දොරටු හදිසි විවෘත කිරිම් තුළින් මහවැලි ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යයභාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා දන්වා සිටි.

Read More

එම ලිපියෙන් අබ්දුල්ලා පවසා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු ප්‍රමුඛතාව පරිසරයට යොමුකරන ලෙසයි.

Read More

දිවයින අවට ( ශ්‍රී ලංකාවට දකුණින් ) පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන් අද 4 සහ හෙට 5 යන දිනයන්හි වැඩිවේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බදුල්ල මධ්‍යම බස්නැවතුම්පළ හා ඌව ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ ඇති උමං මාර්ගයේ බිතු සිතුවම් ඇදීමට ස්වේඡාවෙන් ඉදිරිපත්වූ තරුණ තරුණියන් පිරිසක් කටයුතු කර තිබේ.

Read More

පවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් නන්දිකඩාල් කලපුවේ ජල ප්‍රමාණය ඉහළ යාමෙන් තවත් වැසියන් විපතට පත්වීමේ අවදානම නිසා කලපුවේ මෝයකට පුළුල් කිරීමට ධීවර ජනතාව හා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබීය.

Read More

2020 වර්ෂය සඳහා මුද්‍රණය කරනු ලැබූ පාසල් පෙළ පොත්, සිසුන් 1,500ට වැඩි සියලු පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වනවිට සෘජුවම බෙදා දි ඇති බවත්, අනෙකුත් සියලු පාසල් සඳහා අදාළ පෙළපොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සහ පර්ෂද පාසල් මධ්‍යස්ථානවලට ලබාදී ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

උතුරු පළාතට මේ දිනවල ඇඳහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති බවට ආපදාකළමනාකරන ඒකකය පවසයි.

Read More

1974 දෙසැම්බර් මස 04 වන දින සිදුවු D C 8 සප්ත කණ්‍යා ගුවන් අනතුරට අදට වසර 45ක් පිරෙන අතර ඒය මෙරට බරපතළම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.

Read More

වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයෑමට හේතු වුයේ යැයි කියන ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

Read More

ඇතැම් මැති ඇමතිවරුන් හා නීතිඥවරුන් කරන විවිධ ක්‍රියා හේතුවෙන් ස්විස්ටර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර පවතින සුහදතාවට බලපෑම් එල්ලවන බව ජනසෙත පෙරමුණ සඳහන් කරයි.

Read More

සාග් ක්‍රීඩා තරගාවලියේ පිරිමි වූෂු අංශයේ ඉසව්වකින් රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු නාමල් සමත්විය.

Read More

කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුව ලබන නිම්දිය ගම්මන්පිල සිසුවා ඉදිරිපත් කළ වැහි පිහිලි වල ජලය ඉවත් කරන උපකරණයකට මෙසේ රිදී පදක්කම හිමිවිය.

Read More

මට නාම යෝජනා දුන්නේ නැත්නම් මම පක්ෂය මාරු කරන්නේ නෑ. මම ස්වාධිනව ඉල්ලනවා. ගම්පහින් හෝ කොළඹින් හෝ කොහෙන් හරි. අදාළ ඡන්ද සංඛ්‍යාව ජනතාව දුන්නොත් මම පාර්ලිමේන්තු යනවා. නැත්නම් ගෙදර ගිහින් රංගන ශිල්පියෙක් ලෙස මගේ භූමිකාව කරනවා.

Read More

තමන්ගේ වාහනයට පසුපසින් හා ඉදිරියෙන් පරිවාර රථ ගමන් නොකරවන බව කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මාස තුනක කාලයේදී පාර්ලිමේන්තුවට නොපැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.