saravita-anim2

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 9090 hours ago

LATEST

කසළ ප්‍රවාහනය ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න

calendar_today 2020 පෙබ 13 - 23:24 remove_red_eye - 304  

කැළි කසල කන්ටේනර් කොළඹ වරායෙන් හා කටුනායක අයෝජන ප‍්‍රවර්ධන කලාපයෙන් පිටතට ප‍්‍රවාහනය කිරීම සම්ධන්ධයෙන් විමර්ශනයක් පවත්වා සුදුසු ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙස අභියාචනාධිකරණය අධිකරණ ඇමතිවරයාට, අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ නිතිපතිවරයාට අද (13දා) නියම කලේය.

හැටන් සිංගිමලේ රක්ෂිතයේ අද දින (13) උදැසන හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් තිබු නිසා ගින්න පාලනය කිරිමට ආපදා කලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල් 212 ගුවන් යානයේ සහය ලබාගෙන ඇත.

Read More

හිගුරක්ගොඩ ගිරිතලේ ජනපදයේ නිවසක කලක පටන් පවත්වාගෙන ගිය ගංජා බෙදා හැරිමේ මධ්‍යාස්ථානයක් කේරළ ගංජා ග්‍රෑම් 500ක් , ත්‍රිවිල් රථ දෙකක් යතුරු පැදි 03ක් සහ පුද්ගලයින් 06ක් අද (13) දින අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාශ මත්දුව්‍ය වැටලිම් එකකය පවසයි.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන ස්ථාන කිහිපයකින් 1980 අංක 57 දරණ මධ්‍යම සංස්කෘතික අරමුදල පනතට පටහැණිව යමින් පසුගිය 2016 ජනවාරි මාසයේ සිට 2019 ජූලි මස 30 වැනි දා දක්වා නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 1147ක් අයකරගෙන ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිව තිබේ.

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ බරවකුඹුක - මත්තල - හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 දා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ’අද’ට සඳහන් කළේය.

Read More

කනෙන් ඇඳලා එළියට දාන්න එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් නෑ. අපිට පක්ෂ නායකයන් වෙනස් කරන්න කියලා පක්ෂය කඩන්න බෑ.

Read More

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ සහ රජයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුළු වෙනත් පහසුකම් ලබා ගැනීම සඳහා නිලධාරිනට බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු ලැබී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සිදුකළ ඉන්දීය සංචාරයේදී ඔහුගේ පවුලේ උදවිය එයට එක්වුණත් රජයේ මුදල් භාවිත කිරීමක් සිදුවූ බවට තමන් විශ්වාස නොකරන බව සම කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන නවක සාමණේර ස්වාමින්වහන්සේලා පුහුණු කිරීමේ ජාතික වැඩසටහනේ 08 වන අදියර 2020 පෙබරවාරි මස 16 වන දින සිට 23 වන දින දක්වා පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රුපියල් මිලියන 163කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිසට මුදල්, ආර්ථික සහ පුතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

දීර්ඝ කාලීනව උසස්වීම් නොලබා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා සිටින සිටින කාන්තා හා පිරිමි පොලිස් නිලධාරීන්ට එක් වරක් පමණක් බලපාන පරිදි උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

“චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉදිරියේ දී මේ රටේ කිසිඳු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13දා) අවධාරණය කළේය.

Read More

සමගි ජනබලවේගය සමගින් එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව චීනය ඇතුළු රටවල් 48 කට ශ්‍රී ලංකාව ලබාදුන් නිදහස් වීසා කාලය තවත් මාස 03 ක් දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

මුදල් ආරවුලක් හේතුවෙන් සහෝදරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. සූරියවැව ප්‍රදේශයේදි අද පෙරවරු 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Read More

චීනයේ පැතිර ඇති කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරස් වසංගතයට එරෙහිව චීනයේ ජනතාව එකාවන්ව සටන් කරමින් සිටිනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇමෙරිකානු ගිණුමකට නිතීවිරෝධීව මුදල් බැරවී ඇති බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස් මූලස්ථානයට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

නීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කෝවිඩ් 19 වෛරසයේ රෝග විනිශ්චය නිර්ණායකයන් සංශෝධනය කිරීම හේතුවෙන් හුබෙයි පළාතේ තහවුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් හඩ නැගූ වන සංරක්ෂණ නිලධාරිය සමග රජය, ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය පෙනී සිටින බව සම කැබිනට් ප්‍රකාශක ආමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කුමාර් සංගක්කාර නැවතත් පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

සෑම වසරකම දෙසැම්බර් හා ඊළඟ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇතිවන සහල් හිඟය මත පදනම්ව සිදුවන සහල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ලක්ෂ 92ක් වියදම් කිරීමෙන් කෝ ප්‍රතිඵලය. ඔය පාර්ලිමේන්තුව අවුරුදු දෙක තුනකට වහලා දැම්මට කිසි ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්නේ නෑ.

Read More

හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.

Read More

ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

Read More

සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.