saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8907 hours ago

LATEST

විදුලිය පිරිමසන බල්බ දීමේ ව්‍යාපෘතිය නැවතිලා

calendar_today 2020 මාර් 04 - 12:26 remove_red_eye - 405  

සෑම නිවසකටම විදුලිය පිරිමසන විදුලි බල්බ ලබා දීමේ ව්‍යාපෘතිය ඇණ හිටීම නිසා විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

තමාගේ ඡන්ද පොළට ගොස් ඡන්දය සීමට නොහැකි යැයි සාධාරණ බියක් ඇති තැනැන්තන්ට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරිමට ඉල්ලුම් කිරීමට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

මේ අනුව වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර එම සංඛ්‍යාව 19කි.

Read More

අනුරාධපුර ශ්‍රී සාරිපුත්ත ආරණ්‍යයට යාබදව තිබෙන ස්වභාවික රක්‍ෂිතයෙන් අක්කර තුනක භූමියක් ක්‍රීඩාපිටියකට වෙන්කිරීමට සැලසුම් කර තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍ර‘ය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2020/1 (Joint Combined Exchange Training 2020/1) 2020 මාර්තු මස 02 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

Read More

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ නෞකාව අද (2020 මාර්තු 03) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

මැතිවරණය ප්‍රකාශයට පත්කර දින හතක් තුළ මැතිවරණයට තරග වදින බව දේශපාලන පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දිය යුතු වෙයි.

Read More

පාර්ලිමේන්තුව විසිරවීමෙන් පැය 24 ක් ගතවීමට පෙර සිය නිල රථය සහ ආරක්ෂක අංශයන්හි නිල වාහනද පාර්ලිමේන්තුව වෙත භාර දීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

Read More

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන් උදෙසා මේ මස 7,8,9 යන තෙදින තුළ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොව්ඩි 19 වෛරසය රට තුළට පැමිණීම වළක්වා ගැනීමේ පියවරක් ලෙස අද (03දා) සිට මගී නෞකා මගින් පැමිණෙන පිරිස්වලට වරායට ඇතුළු වීම තහනම් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ බවට සඳහන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවට එරටදී ප්‍රතිකාර ලැබෙන නිසා ඇය ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

එළඹෙන යල කන්නය සඳහා කිසිදු හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත

Read More

දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුළ රඳවා සිටින රැඳවියන් සිතුවම් කළ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේදී හෙට (04දා) තෙක් පැවැත්වෙයි.

Read More

සමාජ ජලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ ළමා අපයෝජන සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා එම වීඩියෝවේ සිටින වින්දිත දැරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

දිනපතා මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.30ට දුම්රිය පිටත්වන අතර කොළඹ කොටුවට පෙ.ව 10.30ට ළඟවෙයි. නැවත කොළඹ කොටුවෙන් ප.ව 2.30ට පිටත්වන දුම්රිය මාතලේ ට ප.ව 6.30 ළඟාවීමට නියමිතය.

Read More

අපේ‍්‍රල් අවුරුදු වසන්තය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන ජනතාවට පහසුකම් රැසක් ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාවට නංවා ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා.

Read More

කටුනායකට පැමිණි එංගලන්ත කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේ කොළඹ බලා රැගෙන ආවේය.

Read More

හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

Read More

ඉරානය, ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් රටට ඇතුළු වූ පසු එම මගීන් සිටින ස්ථානයේ සිට දින 14ක කාලයක් සොයා බැලීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Read More

මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුව විසුරවා හැරීමත් සමග විපක්ෂනායක ධූරය අහෝසි වූ බැවින් විපක්ෂනායක කාර්යාලය සහ වාහන අදාළ අංශ වෙත භාර දීමට හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03දා) කටයුතු කළේය.

Read More

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට ඇමෙරිකානු අධිකරණයක් ලබාදුන් තීන්දුවක් අනුව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්ටසා වික්‍රමතුංග මහත්මියට අවස්ථාව හිමිව තිබේ.

Read More

කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ කැළිකසල ගැටළුවට තිරසර විසඳුමක් ලබා දෙමින් ඝන අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙගවොට් 10ක විදුලිබලය නිපදවීමේ කටයුතු ලබන මැයි මාසයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත

Read More

මෙසේ මරණයට පත්ව ඇත්තේ 65 හැවිරිදි චින ජාතිකයෙකි. මොහු 1992 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ශ්‍රී ලාංකික පුරවැසි භාවය 2015 වසරේ ලබා ගෙන තිබේ.

Read More

රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වලපයක හෙට සවස 2න් පමණ පසුව වැසි ඇතිවිහ යැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ බාලිකා පාසලකට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් 20 දෙනකු කොල්ලුපිටිය පොලිස් බාරයට ගෙන ඇත.

Read More

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.