saravita-anim2

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 8934 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 34ක් දක්වා ඉහළට

calendar_today 2020 මාර් 17 - 16:56 remove_red_eye - 852  

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 34ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංතාව වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී රටේ පවතින මෙම තත්ත්වය උග‍්‍ර වුවහොත් නිවසේ සිටම කාර්යාලයේ කටයුතු සිදුකිරීමට අදාළ ක්‍රමවේදයන් නිර්මාණ කරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.

Read More

රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කර තිබේ.

Read More

රජය විසින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ගෙන තිබෙන වැඩපිළිවෙල යටතේ නිවාඩු දින 03ක් ප්‍රකාශයට පත් කර තිබුණ ද, දුම්රිය හා බස් රථවල ගමන් ගන්නා මගීන් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් විෂබීජානුහරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දි තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

Read More

අපේ හමුදාව යුද සමයේ කි‍්‍රයාකාල ආකාරය හා සමානව මෙම තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු සිදුකරන බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා.

Read More

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද දින වාර්තා විය.

Read More

ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.

Read More

පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කල බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්නායක මහතා අද ( 17 ) පැවසිය.

Read More

අද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

Read More

ජාතික ජන බලවේගය මහනුවර දිස්ත‍්‍රික්කය සදහා නාම යොජනා භාරදීම කණ්ඩායම් නායක අද (17දා) කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රි ලාල් කාන්ත මහතාගේ ප‍්‍රධානතවයෙන් මහනුවර දිසපති කාර්යාලයේ දී සිදුවිය.

Read More

කොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.

Read More

නාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජන භාරදීමේදී නාම යෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙක් පමණක් නාම යෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් එය අගය කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Read More

ඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.

Read More

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව අද සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Read More

පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

මහා මැතිවරණය සඳහා නීත්‍යානුකූලව නාමයෝජනා භාර දිය යුතු නිසා අද දිනයේ නාම යෝජනා භාර දුන් බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ රජය ගන්නා ඕනෑම තීරණයකට තම පක්ෂය එකඟවි පක්ෂයක් වශයෙන් ඉදිරි දෙසතිය තුළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Read More

ස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.

Read More

දුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසති.

Read More

එළඹෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ කණ්ඩායම් නායක ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.

Read More

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.