කෝවිඩ් වෛරසයේ තොරතුරු ඉල්ලා සමඟි ජනබලවේගයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට ලිපියක්
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ සමගි ජනබලවේගය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් කෝවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටියි.
එම ලිපිය මගින්,
කෝවිඩි වෛරසය හඳුනා ගැනීමට මේ වන විට සිදු කොට ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව.
එම පරීක්ෂණ තුළින් හදුනා ගත් ආසාදිත රෝගී සංඛ්‍යාව.
එම පරීක්ෂණ සිදු කළ ස්ථාන සහ සිදු කළ දිනයන්.
නිරෝධායන කඳවුරු තුළ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ හදුනා ගත් රෝගීන් සංඛ්‍යාව.
ජනාධිපති මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ සිදු කළ දිනයන් වෙන් වෙන් වශයෙන්
අරලියගහ මන්දිරයේ සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව සහ දිනයන් වෙන් වෙන් වශයෙන්.
වෙනත් ප්‍රභූ වාසස්ථාන වල සිදු කළ පරීක්ෂණ සහ දිනයන්
අහඹු ලෙස සිදු කළ පරීක්ෂණ ප්‍රමාණය දිනයන් සහ ස්ථාන.
පරීක්ෂණ සඳහා ලැබුණු PCR කට්ටල ප්‍රමාණය ඒවා ලැබුණු දිනයන් .
එම පරීක්ෂණ කට්ටල භාවිතා කළ ආකාරය .
ඉතිරි ව ඇති පරීක්ෂණ කට්ටල ප්‍රමාණය .
එම පරීක්ෂණ කට්ටල ලැබුණු මූලාශ්රයන් සහ ලැබුණු දිනයන් සහ බෙදා දුන් ආකාරය .
antibody පරීක්ෂණ සිදු කර ඇති ප්‍රමාණය .
කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව .
කොරෝනා වෛරසයට ආසාදිත නො වූවා යයි සලකා එ නමුත් නිරෝධායන රෙගුලාසි යටතේ ආදාහනය කළ පුද්ගල සංඛ්‍යාව .
නිරෝධායන මධ්‍යස්ථානවල දී පුද්ගල මරණ සිදුවූවා නම් එම ස්ථාන සහ සංඛ්‍යාව.
යන තොරතුරු සමගි ජනබලවේගය ඉල්ලා සිටියි.

popular news
-
d.n hettiarachchi Friday, 08 May 2020 05:55 AM
හැමදාම පතරේ බැලුවම ලිස්ට් එකක් තමන්ටම හදාගන්න පුළුවන් නේද නිකන් බුරන්නේ නැතුව
Reply : 0 0
Don Friday, 08 May 2020 09:41 AM
COVID දැන් පාලනය කරලා ඉවරයි. එත් නාවික හමුදාව තමයි ප්‍රශ්නේ. නමුත් මහා මැතිවරණය පවත්වන්න කිසිම වෙන ප්‍රශ්න නෑ, ගණන නම් සතියකට 125 ට වැඩිවෙලා, ඒ පරීක්ෂණ ලෝකේ අඩුවෙන්ම කරන්නේ ලංකාවේ නිසා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

