saravita-anim2

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා

Latest News - timelapse 8789 hours ago

LATEST

සමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන්න - සජිත්

calendar_today 2020 අප්‍රේ 13 - 12:46 remove_red_eye - 222  

සමාජ දුරස්ථභාවය රැකගනිමින් මෙවර අලුත් අවුරුද්ද සමරන ලෙසත්, පෙර වසරවලදී අවුරුදු චාරිත්‍ර ඉටු කළේ යම් සේ ද එයට වඩා වගකීම් සහගතව සමාජ දුරස්ථභාවය රකින ලෙසත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයේ සඳහන් කරයි.

අලුත් අවුරුදු පසෙකලා කොරෝනා වයිරසයෙන් ජනතාව මුදවාගැනීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටින උතුරේ යුදහමුදා සෙබලුන් දිරිගන්වමින් ඔවුන්ට අලුත් අවුරුදු සුභපැතුම් එක්කරලීමට කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (12) දින උතුරේ සංචාරයක නිරත විය.

Read More

ජාත්‍යන්තර බහාලුම් නෞකාවක් වන MSC TARANTO නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි නාවිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිතයැයි සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඉදිරි වෛද්‍ය පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු සඳහා ඔහු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව අද (13) අලුයම් කාලයේදී කටයුතු කරන ලදි.

Read More

කොරෝනා මර්දන වැඩසටහනේ අංගයක් ලෙස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳහා හඳුන්වාදුන් සේවකයන් නිවසේ සිට වැඩකරන කාලය අප්‍රේල් 20 සඳුදා දක්වා දීර්ඝ කෙරේ.

Read More

කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 308ක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

කොවිඩ්-19 ව්‍යසනය හමුවේ සියලුම බැංකු නොවන මූල්‍ය ආයතන වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උපදෙස් ලබාදෙයි.

Read More

(LONG READS)කෝවිඩ් ආසාදනයෙන් මිය යන වයස 70ට අඩු පුද්ගලයන් අතර, වැඩි සංඛ්‍යාවක් දුම් වැටි පානය කරන්නන් බව සනාථ වී ඇති බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි.

Read More

මැතිවරණය පැවැත්වීම සඳහා කුමන තීරණයක් ගත්තද ඒ සදහා රටේ ජනජීවිතය නිසි පරිදි යථා තත්ත්වයට පත්ව තිබීම පූර්ව කොන්දේසියක් සේ සලකන ලෙස ද සියලුම මැතිවරණය නිරීක්ෂණය සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

හපුතලේ දී ස්වයං නිරෝධායනයට යොමු කළ පුද්ගලයකු නිරෝධායනය කඩ කරමින් ඇඳිරිනීතිය නොතකා තවත් දෙදෙනකු සමඟ ලොරියකින් ගමන් කරමින් සිටියදී ඊයේ (12) රාත්‍රී බෙරගල නගරයේ දී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය පවසයි .

Read More

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී අවුරුදු චාරිත්‍ර වලට වඩා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට මූලිකත්වය ලබා දෙන ලෙස ‌ෙත්‍රෙනිකායික මහා නායක හිමිවරු සහ අනුනායක හිමිවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාල‍යේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා‍ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 හමුවේ වැඩිම බලපෑමට ලක්වූ ඇමෙරිකාවේ මුඛ ආවරණවල දැඩි හිඟයක් පවතින බවද වාර්තා වෙයි.

Read More

එරට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආණ්ඩුකාර වැටුප්ද කප්පාදු කරන බව ඉක්වදෝර ජනපති ලෙනන් මොරෙනෝ කියයි.

Read More

නව කොරෝනා ආසාදිතයන් ගණනින් බ්‍රිතාන්‍යයත් චීනය ඉක්මවා ආසාදිතයන් 85,206ක් වාර්තා කරයි.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිත ගෝලීය මරණ 114,000ක් ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

එක්සත් ජනපදය තුළ වෛරසය ආසාදිතයන් 555,000ක් ඉක්මවා ඇති බව නවතම දත්ත පෙන්වා දෙයි.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අද දිනයට යෙදී තිබේ. ලක්වාසීන්ට සුබ අලුත් අවුරුද්දකට ආසිරි පතන අද වෙබ් අඩවිය හැකි තරම් සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන ලෙස මෙම අලුත් අවුරුද්දේදී ඉල්ලීමක් කරන්නෙමු.

Read More

අඩු ආදායම්ලාභී ජනතාවට බෙදාදීම සඳහා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් මිලට ගෙන ඇති රුපියල් ලක්ෂ 24 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩාවක විනාශ වී යාමට පටන් ගෙන ඇතැයි නුවරඑළියේ ජනතාව පෙන්වා දෙති.

Read More

අද සවස කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන අතර ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.

Read More

කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව මෙවනවිට තායිලන්තයේ බැංකොක් නුවර රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට නොමිළේ අවශ්‍ය ආහාරපාන ලබා දීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපනශාලාවක් වන මානෙල් ලංකා ආපන ශාලාව ඉදිරිපත්ව සිටියි.

Read More

එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාම් හා සරලව උපේක්ෂා සහගතව තම පවුලේ සාමජිකයන් සමග පමණක් සමරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියි.

Read More

සිංගප්පූරුවේ සහ දෝහා කටාර් ගුවන් තොටුපළවල සිරවී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 14 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද 12 දියතලාව වැඩ සේවා නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

ඒ අනුව යම් විභ්‍යව ජෛව විද්‍යාත්මක උවදුරක් වැළැක්වීම් කාර්යය සඳහා සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ක කාලයක් සිට පැයක කාලයක් සඳහා සම්පූර්ණයෙන් දැවී යන තෙක් හා නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධාරියාගේ අධීක්ෂණය යටතේ ආදාහනය කරනු ලැබිය යුතුය.

Read More

විදෙස් රටවල සිටි මුහුදු මාර්ගයෙන් මෙරටට කොවිඩ් ආසාදිතයින් ඒම වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ මුහුදු සීමාවල ආරක්ෂාව තර කර ඇත.

Read More

අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයෙන් හමුවු කොරෝනා රෝගියාගේ බිරිඳට කොරෝනා ආසාදිත වි ඇති බව අක්කරපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගුණසිංහම් සුගුනන් මහතා පැවසිය.

Read More

කොරෝනා වෛරසය පැතිර යෑමත් සමග රට පුරා උග්‍ර බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More

වෛද්‍යවරයෙකු විසින් නර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණඛ් ලබදිය යුතු ඖෂධ කිසිඳු ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබදීමට කිසිවිටකත් නොකළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ආහාර ගබඩාවකට ඉතා අපිරිසිදු තත්ත්වයේ සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර තැබීම පරිප්පු තොග සඟවා තැබීම සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම යන චෝදනා යටතේ නඩු පැවරීමට නගර සභා සෞඛ්‍ය අංශ අද ( 12) දින නගරාධිපති ජාලිය ඕපාත මහතා නියෝග කළේය .

Read More

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ රිච්ටර් මාපක ඒකක 3.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.