ජර්මනියේ සිටි ලාංකිකයන් පරිසක් මත්තලට
- 6 06 2020
- 12:21
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී, කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැපැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් 6/06 දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම නාවිකයන් පිරිස 6/06 දින ජර්මනියේ , හැම්බර්ග් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් දහවල් 11.55 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් පිරිස සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කිරීමට සූදානමින් මේ වනවිටත් කොළඹ ආසිරි රෝහලේ කාර්යය මණ්ඩලයක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ සිටින බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එම පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සූදානම් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

