saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9046 hours ago

LATEST

රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමට හැකියාවක් නෑ

calendar_today 2020 අගෝ 19 - 23:34 remove_red_eye - 517  

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබෙන මත්ද්‍රව්‍ය යොදාගෙන දිගුකාලීනව හෝ මහා පරිමාන වශයෙන් හේ ජාවාරමක් සිදුවීමේ හැකියාවක් නොමැති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

විශාල පිරිසකට ජපානයේ රැකියා ලබාදීමට කවහාරා මහතා එකඟ වූ අතර, ඒ සඳහා එරට රැකියා ඉල්ලුමට සරිලන පුහුණුවීම් ලබා දෙන ලෙසද ඔවුන්ගේ ජපන් භාෂා නිපුණතාවය අත්‍යාවශ්‍ය බව ද කවහාරා මහතා පැවසීය.

Read More

කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්‍ෂයට ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටියි.

Read More

හෝමාගම පිටිපන ප්‍රදේශයට වෑන් රථයකින් ගිනි අවි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍යවේදියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක‍්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝම්බර් 05 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (19) නියම කළේය.

Read More

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 6,50,000 ක තොගයක් රේගු විමර්ශන වලින් පසුව අද දින දහවල් 12.00 ට කොළඹ - 14 දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී විනාශ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණෙන රෝගීන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ මුදල් සොරාගත් බව කියන 55 වියැති කාන්තාවක් අල්ලා පොලීසියට භාරදීමට පියවර ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වි තිබේ.

Read More

පොළොන්නරුව හතමුණ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා අද (19) දින අලුයම ට්‍රිපර් රථයක් විසින් යටකර දමා පලා ගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි.

Read More

හෙට රැස්වන පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදි නවක මන්ත්‍රීවරු 81දෙනෙක් තේරි පත් වි තිබේ.

Read More

නව රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස පත්විම් ලද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වැඩ භාර ගැනිමේ අවස්ථාව කිසිවෙකුත් සම්බන්ධ කර නොගනිමින් සිදුකර තිබේ.

Read More

කිසිදු වගකිමක් නොමැති නිෂ්පාදිතයා හෝ බෙදාහරින්නා සඳහන් නොකළ පිළිකා කාරක සහිත මුහුණු හා සම අලේපන ඇසුරුම් දහසකට ආසන්න ප්‍රමාණයක් පුත්තලම නගරයේ කාන්තා රුපලාවන්‍ය දෑ අලෙවි කරන ස්ථාන වටලා අත්අඩංගුවට ගත් බව පුත්තලම පාරිභෝගික අධිකාරිය කියයි.

Read More

ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ටියුෂන් ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක බාල වයස්කාර පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත 2020 ජූලි මස ලැබුණු පැමිණිල්ලකට අනුව, පෙරේදා (17) දින එම ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

Read More

නාගරික සංවර්ධන අධිකාරියේ රියැදුවරයෙක් රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග තලංගමදී අත්ඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.

Read More

නවවන මංගල පාර්ලිමේන්තු සැසිවාරය හෙට (20) පෙ.ව. 09.30ට ආරම්භ වීමට නියමිතය. හෙට උදේ 09.30 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නමවෙනි පාර්ලිමේන්තුව කැඳවෙයි.

Read More

ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී පූජ්‍ය අහැලේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්යෙන් 1895/08/03 ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට වසර 125ක් සම්පූර්ණ වී තිබේ.

Read More

මෙරට තුල සිදු කරන PCR පරික්ෂණ නවීන තාක්ෂණානුකූලව අඩු වියදමින් සිදු කිරිමේ නව ක්‍රමවේදයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය දැනුවත් කිරීම අරමුණූ කොට ගෙන නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සහ එම ක්‍රියාවලිය තාක්ෂණිය දායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය මංජු ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය මුණගැසීය.

Read More

මිරිගම - නාල්ල ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදනාගාරයක් වටලා එහි නිෂ්පාදනය කළ ගිනිඅවි කිහිපයක් පොලීසිය සොයා ගෙන තිබේ.

Read More

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත්, රාජ්‍ය බැංකු තුළ සිදුවූ අක්‍රමිකතා සොයා බැලීම සඳහාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

කොවඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවාඩු ලබාදුන් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

රාජගිරිය ප‍්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලූම් තුසිත කුමාර නමැත්තන්ට ලබන එළැඹෙන 28දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19දා) නියම කළේය.

Read More

හැමෝටම දෙනවා. ඔය ඔක්කොටම කියන්න. අදත් කැබිනට් එක අනුමත කළා තව 10000කට. එතකොට ඔක්කොටම දෙනවා. ගෙවල්වලට යන්න අව්වේ වේලෙන්නේ නැතිව

Read More

අද (19) උදෑසන 10 පමණ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හෝමාගම දියගම තාක්ෂණ විශ්ව විද්‍යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී හදිසියේ රෝගී වී ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල මූලික රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි, හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැති අතර මෙහිදී 19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උතුරු පළාත් වැඩබලන ප්‍රධාන ප්‍රාදේශීය කළමනාකරු රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මන්නාරම පල්ලිමුනෙයි මාර්ගයේ ඉන්ධන පිරහුම්පොළ අසළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

Read More

රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන සඳහා තවත් උපාධිධාරීන් 10,000කට රැකියා ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල හා වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ යන පිරිස් පත් කර තිබේ.

Read More

නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද (19දා) පස්වරු 4.00ට රැස්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.