විදේශ රැකියා සඳහා ගෘහ සේවිකාවන් යොමුකිරීම නවතනවා
විදේශ රටවල රැකියා සඳහා ගෘහ සේවිකාවන් (හවුස් මේඩ්) යැවීම නතර කර මින් ඉදිරියට තාක්ෂණික දැනුමෙන් යුතු ශ්‍රම බලකායක් විදේශ රැකියා සඳහා යවන බවත්, දැනටමත් හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1000කට ජර්මන් ,කොරියානු භාශා පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (5) බදුල්ලේ දී පැවසීය .
ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධ්කාරිය සහ ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්වී සංවිධානය කළ ඌව අභිමානි (2019) ප්‍රාදේශීය ව්‍යවසායකත්ව සම්මාන උලෙළට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ කීය.
“අද වතුකරයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා පාවිච්චියට නොගෙන .මේ ඉඩම් ගමේ ජනතාවට ,වතුකරයේ ජනතාවට වගා කිරිම සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ තුළින් රටේ අලුත් නිෂ්පාදන රැසක් වෙළදපළට හදුන්වා දෙන්න පුලුවන්. අපේ රටේ විශාල පිරිසක් ගොවි තැනින් ,කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්නේ. විදේශ රටවලින් අපි ආහාර රැසක් ගෙන්වනවා. අපිට ශ්‍රී ලංකාව තුළ එම ආහාර නිශ්පාදනය කරන්න පුලුවන්. එවිට විශාල මුදලක් අපට රටේ ඉතිරි කරගන්න පුලුවන් .
තව අවුරුදු පහකට ඇතිවෙන්න මේ රටේ ත්‍රීරෝද රථ, වාහන , සුඛෝපභෝගී වාහන තිබෙනවා. ඇයි අපි වාහන ගෙන්වන්න මුදල් වැයකරන්නේ. අපි වාහන ගෙන්වීම නවතා ඒ මුදල් ව්‍යවසායකයින්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයකරන්න ඕන. එහෙම නොවුණොත් අපට ආර්ථිකයෙන් ගොඩ එන්න අමාරුයි.
මේ සම්බන්ධයෙන් රජය බරපතළ තීන්දු ගැනීමට යොමු විය යුතුයි. අද වැඩිපුරම අපේ ළඟට එන්නේ රජයේ රෑකියා ඉල්ලගෙන. අපි දැන් රජයේ රැකියා නැතිව අපේ දෑතින් දක්ෂතා ඇතිකරගෙන නැගී සිටින්න ඕන. ව්‍යවසායකයින්ට අවශ්‍ය ශක්තිය දෙන්න අපේ රජය සූදානම්.”
popular news
-
Demuni Uduwara Sunday, 06 September 2020 06:59 PM
Don't utilize for any cultivation but Tea. Discuss with RPCs re. abandoned lands.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

