saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 8340 hours ago

LATEST

කොන්දේසි වලට යටත්ව සරසවි යලි ඇරඹේ

calendar_today 2020 ජුලි 06 - 11:13 remove_red_eye - 766  

කොන්දේසි 11ක් යටතේ දිවයිනේ සියලු විශ්ව විද්‍යාල වල 02, 03 වන හා අවසන් වසරේ සිසුන් සඳහා විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් රිය අනතුරකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (06) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

කොටියන් ඇතුළු වනසතුන් මදු හා උගුල්වලට හසුවීමේ හා වනසතුන්ට සිදුවන වෙනත් පීඩාකාරී හානි සම්බන්ධයෙන් දුරකතන අංක 1992ට අමතා වනජීවී දෙපාර්තමේන්තුවට කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා ලෙස හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

තවත් නාවිකයින් 2 දෙනෙක් සුවය රෝහල්වලින් පිටව යෑමත් සමග නාවික හමුදාවේ කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන ළමා නිවාසයක සිටි 17 හැවිරිදි දැරියක් ගෙල වැලලාගෙන ඊයේ (05) දින සියදිවි හානිකරගෙන ඇති බවට වවුනියාව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ’ඌව ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නමින් තරගාවලියක් පැවැත්වෙන බවට ව්‍යාජ තරගාවලියක් නිර්මාණය කරමින් ඔට්ටු තැබීමේ ජාවාරමක නිරත වූ පුද්ගල කණ්ඩායමක් ඉන්දීය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය පෙරේදා (04දා) වාර්තා කළේය.

Read More

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වංචා හා දූෂණ ලගදීම රටට හෙළිකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ මෛත්‍රී- රනිල්- සජිත් යනු එකම අච්චුවේ අය බවයි

Read More

ශ්‍රී ලංකා දුම්රිය සේවාව සඳහා නව මගී ප්‍රවාහන දුම්රිය මැඳිරි 70ක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බහාලුම් තැම්පත් කිරීමට අවශ්‍ය තට්ටු 20ක් මිල දී ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගිතාවය හා එම උපකරණ ලබා දීමට ඉන්දුනිසියානු රජය විසින් තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියානු තානාපති ගස්ටි අර්ඩිසා මහතා පවසයි.

Read More
දින 115කට පසු
6 07 2020 09:15:00

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා අද (06දා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු කළේය.

Read More

අප්‍රිකානු මහාද්වීපය තුළ පිහිටි රටවල් රැසක රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු රැගෙන ඉතියෝපියාවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 533,000 ඉක්මවා ඇති අතර, දෛනික වැඩිම ආසාදිතයන් සමග කොරෝනාව තවම සිය වාර්තා බිඳයි.

Read More

අරාබි ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක පසුගිය මාසයේ ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කියයි.

Read More

ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගනගරය පිහිටා ඇති අනලමන්ගා කලාපය යළිත් අගුලු දැමීමකට යටත් කර ඇති බවයි.

Read More

නව ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් දකුණු වරාය නගරය වන සෆී හි මාළු ටින් කිරීමේ කර්මාන්ත ශාලාවක තිබී අනාවරණය විය.

Read More

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී .ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ශශී සුපුන් මහතා අද ( 05දා) එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩු පාඩු පිළිබදව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

Read More

ඔවුන් දෙදෙනාම බහරේන් සිට පැමිණි අය වෙයි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2076ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත වුයේ ජනාධිපතිවරණයට පමණක් බවත් එය මහ මැතිවරණයට වලංගු නැති බවත් අමාත්ප්‍‍ය රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

තැපැල් ඡන්දය භාවිත කිරීමේදී ද සියලුම තැපැල් ඡන්ද දායකයන් දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයෙන් පසු විය.

Read More

ඇතැම් දේශපාලන නායකයින් දේශපාලන පක්ෂ සහ ඡන්ද දායකයින් අතහැර යන සමයක ස්ථිර සහ පළපුරුදු දේශපාලන නායකත්වයක් තම පක්ෂය සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

නාවික හමුදාව ඊයේ 04 වන දින ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන්, නෝර්වේ දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සහ එල්සබෙත් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයන් අතරතුර නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩුපාඩු පිළිබදව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කිරිම සිදු විය.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලියක සමාජිකයෙකු හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ අද ගම්පහ ,උඩුගම්පොළ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකයා හරි මගට ගනිමින් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන බවත්, හරි මග යාමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකරන්නේ නම් ඔහුට නායකත්වයෙන් ඉවත් වන ලෙස දැනුම් දෙන ලෙසත් නවින් දිසානායක මහතා පැවසිය.

Read More

මනාප ඡන්ද ක්‍රමය මිනිසුන්ට දැන් තිත්ත වෙලා. මනාප වෙනුවෙන් රණ්ඩු වෙන්න පටන් අරගෙන. ජනමාධ්‍ය බැලුවාම ඒ කියන කතා ඇහුවාම මිනිස්සුන්ට දේශපාලනය ගැන කලකිරෙනවා. ඒ කතා කියන අය කියන්නේ ජනාධිපතිතුමාට ආදරේට නෙවෙයි. ජනාධිපතිතුමාට තුනෙන් දෙකේ බලය යෑම නවත්වන්නයි. මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න එපා කරවනවා යැයි විදුලිබල සහ බලශක්ති, ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

මෙවර මහමැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරග වැදිමට නියමිතව සිටි අශෝක වඩිගමංගාව මහතා අද (5) සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More

රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 426ක් සමග සැකකරුවෙකු මණ්ඩතිව් දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ඊයේ (04) දින අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා හෙට (ජූලි මස 06 වන සඳුදා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

Read More

තම රජයක් යටතේ පැහැදිලි සාක්ෂියක් නොමැතිව කිසිදු රජයේ සේවකයෙක් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.