saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8703 hours ago

LATEST

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හම්බන්තොට නිවාස හා වෙළඳ සැල් කිහිපයකට හානි

calendar_today 2020 සැප් 01 - 18:40 remove_red_eye - 311  

හම්බන්තොට ප්‍රදේශ කීපයකට අද (01) සවස 2.45 පමණ හමාගිය සුළි සුළඟක් හේතුවෙන් ප්‍රදේශයේ වෙළඳසැල් 37කට සහ නිවාස 10ක් සදහා දැඩි අලාභ හානි සිදුවී තිබේ.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3073ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

Read More

බුදුරජාණන් වහන්සේ කාන්තාවට භික්ෂුනී සසුනේ දොර විවෘත කර දුන්නද මෙරට භික්ෂුණීන් වහන්සේලාට මූලික අයිතිවාසිකම් හෝ නොමැතිව දැඩි අසරණව සිටින බවත් වර්තමාන ආණ්ඩුවෙන් හෝ තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ශ්‍රී ලංකාව භික්ෂුණී ශාසනයේ ,වැඩසිටින භික්ෂුණීන් වහන්සේලා වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර සිටිති.

Read More

සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read More

විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

අවිස්සාවේල්ල යටියන්තොට ප්‍රදේශයේ නිවසක සිවිලිමේ සඟවා තිබූ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් 01 අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි

Read More

කුඩු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනිමට ඔහු පසුපස දිවගිය පොලිස් නිලධාරියෙකු අදාළ සැකකරු සමග අඩි 15ක පමණ ප්‍රපාතයකට පෙරලී සැකකරු හා පොලිස් නිලධාරියා තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන බව මාතලේ පොලිසිය පවසයි.

Read More

යෝජිත විසිවන සංශෝධනයේ කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමුකර තිබේ.‍

Read More

කදාන ආශ්‍රිත ප්‍රදේශවලට මත්කුඩු බෙදා හැරි බවට සැකකරන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩු රුවන් නැමැති මෙම සැකකරු දැනට බන්ධනාගර ගතව සිටින රංජිත් කුමැර නොහොත් කොණ්ඩයාගේ ගෝලයෙකි.

Read More

කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

Read More

ජපානයෙන් වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒ අතර සඟවා වාහන මෙරටට ගෙන්වා රේගු නිලධාරින් සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබාගෙන ඒවා ලියා පදිංචි කර විකිණීමේ ජාවාරමක් මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කිය

Read More

මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැති කර මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රි ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පා.ම එස් .බි.දිසානායක මහතා පැවසිය.

Read More

කෝවිඩ් - 19 ආසාදනය වූ තවත් 11ක් පූර්ණ සුවය ලබා තිබේ.

Read More

මහියංගණ, සමගිපුර ප්‍රදේශයේ කලක පටන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි “ ටයියා “ නම් නමගිය මත්කුඩු ජාවාරම්කරු හා ඔහුගේ බිරිද මත්කුඩු ග්රෑම් 03යි මිලිග්රෑම් 500ක් සමග පෙරේදා (31) සවස අත් අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසනවා.

Read More

මෙහිදි රැකියා ලාභීන් කිසියම් හෝ පාර්ශ්වයකට අදාළ රැකියා ලැබීම හේතුවෙන් මුදල් හෝ අල්ලසක් ලබාදීමට කටයුතු නොකළ යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

යාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන පාසල් සිසු සිසුවියන් 161 දෙනෙකු සඳහා උතුරු මුහුදේ මුහුදු සංචාරයක් ලබා දීමට නාවික හමුදාව පසුගිය 2020 අගෝස්තු 30 දින කටයුතු කෙරිණි.

Read More

වයස අවුරුදු දෙක හමාරක් වන තම දියණියද සමඟ යතුරු පැදියකින් කේරළ ගංජා අලෙවි කිරීමේ යෙදී සිටි අඹු සැමි යුවළක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අද 01 වනදා අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

කරදියාන කුණු කන්දට මිශ්රො සහ අවශේෂ කසල බැහැර කිරීමට නොහැකි වන ලෙස පළාත් පාලන ආයතන හතකට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් පළවෙනිදා සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසල බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරැම මහතා පැවසීය.

Read More

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලිම්වලදි 403 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ ඇතැම් ස්ථාන වලට බලපෑ ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති තනතුරට ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (31දා) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාන්‍ය සාමාජිකත්වය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට්) නිවේදනය කරයි

Read More

දැඩි වර්ෂාවත් සමඟ (31) සවස 5.30ට පමණ එක්වරම පැමිණි ‍දැඩි සුළි සුළගකින් රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම්‍ කොට්ඨාශයේ බුබුල හා කුරුවිතැන්න වසමේ නිවාස 20කට අධික ප්‍රමාණයකට හානි සිදුව ඇත.

Read More

යාපනය අල්වායි ප්‍රදේශයේ අඹුසැමි ආරවුලකදී සැමියා විසින් බිරිඳට ගිනිතැබීමකදී බිරිඳ මියගොස් ඇති අතර සැමියා අත්අඩංගුව ගෙන ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කය පුරා මහා පරිමාණයෙන් කේරල ගංජා බෙදා හරිමින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් රුපියල් ලක්ෂ විස්සක් ට ආසන්න වටිනා කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි

Read More

සැප්තැම්බර් 17 දින සිට කොටස් වෙළඳපොළෙහි සියලු කටයුතු ඩිජිටල්කරණය වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. නව මානයකින් ලෝකයට නිරාවරණය වීමේ ක්‍රමෝපායක් යටතේ කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ආරම්භ විය.

Read More

තවත් ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිත ගණන 3071 ලෙස ඉහල ගොස් තිබේ.‍

Read More

කරන්දෙණිය යක්කටුව තවාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේදි කාන්තාවක් එල්ල කළ කැති පහරින් තමන්ගේ නිවසේ ජීවත්වූ ඥාති බාප්පා මරුමුවට පත්වි සැමියා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි.

Read More

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (01) දිනයේ දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.