saravita-anim2

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 8695 hours ago

LATEST

පළාත් කිහිපයකට ඉදිරියේදි තවදුරටත් වැසි

calendar_today 2020 සැප් 03 - 12:38 remove_red_eye - 274  

බස්නාහිර ,සබරගමුව .දකුණ,මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3102 දක්වා ඉහල ගොස් ඇත.

Read More

චක්‍රලේඛ වලට මුවා වී සංවර්ධන කටයුතු වලට බාධා කිරීම් තවදුරටත් සිදු නොවිය යුතු බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

සංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් ධාවනය වූ තෙල් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයක ගින්නක් ඇතිව තිබේ.

Read More

හලාවත ඉරණවිල වෙරලේ තිබු නාදුනන ධිවර යාත්‍රා දෙකක් අද (3) දින අලුයම සොයා ගත් බව හලාවත පොලිසිය කියයි.

Read More

පුත්තලම කලපුවට අයත් සිමාවන් තුල නාවික හමුදාව හා පුත්තලම ධිවර නිලධාරින් එක්ව සිදුකල වැටලිමකදි ලක්ෂ 50කට අධික නීති විරෝධි කූඩු දැල් අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා වෙත ලිපියක් මගින් කරන ලද දැනුම් දීමකට අනුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සිදුකළ විමර්ශනයක් මගින්, 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්, එම පාසලේ මුරකරු ( අවු.39 ) අත්අඩංගුවට ගෙන, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Read More

සෑම බදාදා දිනයක්ම මහජන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ නිලධාරීන් අමාත්‍යාංශවල රැදී සිටීම අනිවාර්ය බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

දැනට රජය සතුව එහෙත් භාවිතයට නොගන්නා වාහන 5588ක් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

ඊයේ (02) ඉතාලියේ PCR පරික්ෂණ 102,959 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,326 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශයන්හි ඊයේ (02දා) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්පිටමයින්) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 696ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

තරුණ කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට පෞද්ගලික ගොඩනැගිල්ලකට රු. ලක්‍ෂ 59කට ආසන්න මුදලක් මාසිකව ගෙවන බවත්, මෙම මුදල් නාස්තිය වළක්වා ගැනීමට තරුණ කටයුතු අමාත්‍යාංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

පොල් ගෙඩි තුළ සඟවා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් 05ක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලීසිය මගහරිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරොයින් ග්‍රෑම් හතරක් හා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල් සමඟ අත්ඉඩිය බඩෝවිට ප්‍රදේශයේදී අද (3දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.

Read More

ගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ WHO සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩො.මිලියන 62ක් නොගෙවන බවය.

Read More

සිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, වෛරසය ආසාදිත සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු නෙයිමාර් විය හැකි බව සඳහන් වේ.

Read More

මේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්‍රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.

Read More

ඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.

Read More

බ්‍රසීලය නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්‍රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ නවතම අපිකේන්ද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

Read More

අද දිනයේදී මේ වනවිට (රාත්‍රී 11.07) වාර්තා වන කොවිඩ් 19 රෝගීන් ගණන 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රමාණය නිපදවනු ලබන මධ්‍යම පළාතෙන් ඉදිරි වසර පහක කාලය තුලදී දියර කිරි නිෂ්පාදනය දෙගුණයක් දක්වා ඉහළ නංවා ගැනීමේ ඉලක්කයක් කරා ගමන් කරමින් සිටන බවත් ඒ සඳහා විශේෂ ව්‍යාපෘතින් කිිපයක් ක්‍රියාත්මක කරන බවත් මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂිකා වෛද්‍ය ආර්.එම්.කේ.පි. රාජනායක මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02 දා) දින ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවස වෙත ගියේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් නිසාවෙන් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්ව තිබේ.

Read More

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ උත්සව ශාලාවක පිහිනුම් තටාකයකට වැටි බරපතළ තත්ත්වයෙන් පසුවූ සය හැවිරිදි පිරිමි දරුවකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ,හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

Read More

තවත් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3098ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

20 වන සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.