ප්රනාබ් මුඛර්ජීට අගමැතිගෙන් ශෝක පණිවිඩයක්
ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්රනාබ් මුකර්ජි මහතාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද (02 දා) දින ශ්රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවස වෙත ගියේය.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්රත්වයේ එක් සංකේතයක් ලෙස ජනාධිපති මුකර්ජි මැතිතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව සිහිපත් කළ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක පණිවිඩ පොතෙහි පණිවිඩයක් තැබුවේය.
රාජ්ය තාන්ත්රික සංචාරවලදී මෙන්ම පෞද්ගලික සංචාරයන්හි දී ප්රනාබ් මුකර්ජි මහතා, රාජ්ය තාන්ත්රික නායකයකු මෙන්ම, දේශපාලන මිතුරෙකු ලෙස ද බොහෝ අවස්ථාවල මුණ ගැසීමට ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්රී ලංකාව සම්බන්ධයෙන් එතුමා දැක් වූ උනන්දුව පිළිබඳව ද අග්රාමාත්වරයා ඒ මොහොතේදීත් සිහිපත් කළේය.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

