saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 8216 hours ago

LATEST

හෝමාගම මූලික රෝහලට ඇඳන් 10කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්

calendar_today 2020 අගෝ 02 - 17:07 remove_red_eye - 750  

හෝමාගම මූලික රෝහලේ පූර්ණ ක‍්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර, ඊට අවශ්‍ය සියලුු උපකරණ සපයමින්, එය පුළුල් කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු ඩයලොග් සමාගම අරඹා තිබේ.

ඉදිරි දශකය මෙරට නිෂ්පාදන බලගන්වන - ව්‍යවසායකත්වය බලගන්වන දශකය බවට පත්කෙරුමට අවශ්‍ය මූලික පියවර රැසක් ගෙවුණු මාස 08ක කාලය තුළ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකිවූ බවත් ඒ අනුව යමින් තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුත් තරුණ පිරිසක් බිහිකිරීමට බලාපොරොත්තු වන බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දෙන්න සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ බවත් තමා එදා ඒ සාකච්ඡාවට සහභාගිවූ බවත් වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දීම පිළිබදව කවුරුත් එලියට ඇවිත් ඇත්ත නොකීම වරායේ ඇතිවි තිබෙන මේ ප්‍රශ්නයට හේතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් මහතා පවසයි.

Read More

අත්අඩංගුවට ගත් මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (03දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

Read More

කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ වාණිජ නගර” අතරට එක් කෙරෙන සෙසු දිස්ත්‍රික්ක වේ. සිව්මහ නගරවල වරාය සහ ගුවන්තොටුපොළ කේන්ද්‍ර කර “සී හැඩය” ගන්නා ආර්ථික කොරිඩෝව නිර්මාණය කර ජාත්‍යන්තර වෙළෙඳපොළ හා තරගකරන රටක් ගොඩනගන බව ජනාධිපතිවරයා පවසයි.

Read More

පාන්දරින් ඡන්දපොළට ගොස් පොහොට්ටුවට ඡන්දය ලබාදී මනාප තුනම සලකුණු කරන ලෙසත් කටකතා වලට රැවටී ඡන්ද අයිතිය නැතිකර නොගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පසුගිය මාසයේදී රාජ්‍ය ආදායම රුපියල් මිලියන 50000ක් වුවත් එය රාජ්‍ය වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමටත් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මැතිවරණයෙන් පසු වතුකරයේ සැබැ වෙනසක් ඇති කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක් සමඟ කාන්තාවක් හසලක ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ වරාය සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තිරණය ගෙන තිබේ.

Read More

යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද සමයේදී සිදුවූ යුද අපරාධ සම්බන්යෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටවිය යුතු බවටත් අතුරුදහන් වූවන් සොයාබැලීමේ කාර්යාලවලට එරෙහිව වවුනියාව හා කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඊයේ (01) දින විරෝධාතවන් සංවිධානය කොට තිබුණි.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ගැබිනි මව සිසේරියන් සැත්කමකින් බිහිකළ දරුවාට කොවිඩ් ආසාදානය වී නොමැති බව නැගෙනහිර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

Read More

’’සැමට විදුලිය’’ යටතේ ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී වසර 75 ක කාලයක සිට විදුලිය නොමැතිව පීඩාවට පත්ව සිටින ගම්මානයක් පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැයි කිවහොත් බොහෝ දෙනකු විමතියට පත්වනු ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 75ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ලොකු ලූණු ආනයනය කිරීමේදී පනවා තිබූ බද්ද රුපියල් 35කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඉයක්කච්චි ප්‍රදේශයේදී යුද හමුදාව විසින් ස්ථාපිත කොට ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී ජොර්දානයේ සිට පැමිණ නිරෝධායනය අවසන් වූ සාමාන්‍ය වැසියන් 166 දෙනෙකු ඊයේ (01) දින නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ ඉදිගහදෙනිය ප්‍රදේශයේ ඇල මාර්ගයකට යාබදව කැළෑ ප්‍ර දෙශයක දමා ගොස් තිබියදී පිස්තෝල ගිනි අවි 04ක් හා එම මැගසින් 08ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

ඉතාලියේ පාදුවා ප්‍රදේශයේ සිදුවු මාර්ග අනතුරකින් බරපතල තුවාල ලැබු ලාංකිකයෙකු ඊයේ (01) මියගොස් ඇති බව පාදුවා පොලීසිය පවසයි.

Read More

කොළඹ වරායේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද (02දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ තංගල්ලේදී පැවැති සකච්ඡාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණු බව කොළඹ වරායෙ වෘත්තීය සමිති එකමුතුව කියයි.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් දක්වා වැඩි කිරිමට වතු සමාගම් එකග වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පවසයි.

Read More

එම පාතාල සාමාජිකයාට ගමන් බිමන් යාම සඳහා අංගොඩ ලොක්කා ලබා දී තිබූ බව කියන ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

Read More

කොවිඩ් 19 ආසාදනය වී සිටි ගර්භනී කාන්තාවක් සිසේරියන් සැත්කමක් මගින් දරු උපතක් සිදුකර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් බිහිකළ පළමු දරු ප්‍රසූතිය වෙයි. දරුවා හා මව නිරෝගී තත්ත්වයෙන් සිටියි.

Read More

අද (2) දින උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට බෙලිඅත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

පරාජයක දී මහින්ද අත නොහැර ගිය ඔරිජිනල් පොහොට්ටුකරුවන්ගෙන් සමන්විත තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් අගෝස්තු 06 වෙනිදා පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ඒ නිසා බය නැතිව ඡන්ද පොළට එන්න. ආපසු යන විටත් අත් පිරිසිදු කරනවා. ඔබ ඡන්ද පොළට වෛරසය ගේන්නෙත් නෑ. ඡන්ද පොළෙන් ගෙන යන්නෙත් නෑ. ඡන්ද පොළේදී මීටරයක දුර තියා ගන්න. හැකියාවක් තිබෙනවා නම් නිල් පාට හෝ කලුපාට පෑනක් ගෙන එන්න. එහෙම නැත්නම් අපි විෂබීජහරණය කළ පෑනක් ගේනවා. ඔබගේ අනන්‍යතාව පෙන්වන ලේඛණ රැගෙන එන්න

Read More

හෙරොයින් හා තවත් දෑ අඩංගු කුඩා පාර්සලයක් බළලෙකුගේ බෙල්ලේ එල්ලා වැලිකඩ බන්ධනගාරයට එවීමට සිදුකළ උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍ය වල සහ යුරෝපයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 722 දෙනෙකු ඊයේ (01දා) සහ අද (02දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

කිරිඳිවැල පොලිස් වසමේ රංවන් හරහා ගලා බසින කැළණි ගඟේ දිය නෑමට ගිය වැලිවේරිය පාසලක සිසුන් පිරිසක් අතරින් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

රුපියල් කෝටි 38ක වටිනා බැංකු ගිණුම් හා ඇමෙරිකානු ඩොලර් හාර ලක්ෂ හැට නවදහසක මුදලක් විදෙස්රටවලින් ලැබුණ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.