ධවල මන්දිරය කොන්දේසි විරහිතව වෛරසයට යටත්
ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මෙඩෝස් එක්සත් ජනපදයට නව කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීමට නොහැකි බව පැවසීමෙන්, ධවල මන්දිරය කොන්දේසි විරහිතව වෛරසයට යටත්වීමක් ඇඟවෙන්නේ යැයි ස්වාධීන සෙනට් සභික ඇන්ගස් කිං පවසයි.
"මතක තියාගන්න, මීට මාස පහකට හෝ හයකට පෙර ජනාධිපතිවරයා කියා සිටියේ, "මේක යුද්ධයක්? මම යුද කාලීන ජනාධිපතිවරයෙක්!" කියලයි. ඒත් දැන් කොන්දේසි විරහිතව යටත්වීමක් තමයි දකින්න ලැබෙන්නෙ.'' ඩිමොක්රටිකයන් සමග පැවති සාකච්ඡාවකදී කිං පැවසීය. එය මූලික වශයෙන් සුදු කොඩිය එසවීමක් බවද ඔහු කියා සිටියේය.
"අපට එය පාලනය කළ නොහැකියි. අපට කළ හැකි කිසිවක් නැහැ යැයි පැවසීම විකාරයක්. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය පාලනය කළ හැකියි, ඔවුන් එය පාලනය කළ යුතුයි."
මුඛ ආවරණ පැලඳීම, අත් සේදීම සහ වෛරසය පැතිරීම නැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවයන් අනුගමනය පිළිබඳ එක්සත් ජනපද සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ මාර්ගෝපදේශ උපුටා දැක්වූ ස්වාධීන සෙනට් සභික කිං, ධවල මන්දිරය ඊට විරුද්ධ පණිවුඩ ජනතාවට යැවීම ගැන දොස් පැවරීය.
"මුල සිටම ධවල මන්දිරයෙන් ලැබුණු ස්ථිර පණිවුඩය මේ මහජන සෞඛ්‍ය පුරුදු නම් මෙවැනි අභාග්‍යයක් සිදුවන්නේ නැහැ. අප විසින් කළ යුතු දේ ඒවා බව දැන සිටියදීත්, ශක්තිමත් පරීක්ෂණ වැඩසටහනක් සකස් කළා නම්, බොහෝවිට අපට මරණ 100,000ක් පමණ වළක්වාගත හැකිව තිබුණා. වෛරසය ජයගත් රටවල් කළ කිසිවක් මෙහි සිදුවන්නේ නැහැ. මට කියන්න තියෙන්නෙ, මේ ප්‍රකාශ වුණේ ධවල මන්දිරය වෛරසයට යටත් වූ මොහොතයි."
රට පුරා ආසාදන වැඩි වෙමින් පවතින මෙ මෙහාතේ ඇමෙරිකානුවන් 225,700කට ආසන්න සංඛ්‍යාවක් වෛරසයෙන් මිය ගොස් ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,700,000 ඉක්මවා ගොසිනි.



popular news
-
Demuni Uduwara Tuesday, 27 October 2020 10:07 PM
Blame to the people; not to the White House.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

