saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8794 hours ago

LATEST

ගසකට යටවිමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

calendar_today 2020 ඔක් 14 - 11:38 remove_red_eye - 368  

බලංගොඩ පින්නවල ප්‍රදේශයේ වතුයායක දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ගසකට යටවීමෙන් මියගොස් ඇති බව පින්නවල පොලීසිය කියයි.

ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වි ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

රට පුරා ව්‍යාප්ත පුද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා පැමිණ ඇති ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත ලැබුණු තොරතුරු මත එම අවන්හල ඊයේ සවස සිට වසා දැමීමට කටයුතු කර ඇතැයි බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ,මතුගම බදුගම,මතුගම යටදොල යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු 13 දා නාගොඩ රෝහලේ දී සිදු කළ පීසීආර් පරීක්ෂණවලින් වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මල්කා ගුණසිංහ මහත්මිය පැවසුවාය.

Read More

අද (14) දිනය වන විට ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9,905 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව ත්‍රිවිද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read More

මුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.

Read More

සිසුන් 49ක් සහ වැඩිහිටියන් 32ක් ඇතුළුව 81 දෙනෙකුගෙන් යුතු ආගන්තුකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත්තේ, අත්‍යවශ්‍ය නොවන රැස්වීම් 50 දෙනෙකුට හෝ 50%කට වඩා අඩු ධාරිතාවකට සීමා කළ පසුබිමකය.

Read More

නුවරඑළිය, මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පවුලේ කුඩා සාද හා හමුවීම් එක්සත් ජනපදය පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීමේ ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ඇති බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (සීඩීසී) අධ්‍යක්ෂවරයා පවසයි.

Read More

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත පදිංචි හෙදියකට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

Read More

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135ක් බව පොලිසය පවසයි.

Read More

කියු හෙල්ත් හි ක්ෂණික පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය මිනිත්තු 20ක පමණ කාලයක් තුළ ලබාදෙන අතර, එය දින කිහිපයක් විද්‍යාගාර පරීක්ෂණ මගින් ලබාදෙන ආකාරයේ නිරවද්‍යතාවයෙන් යුතු බව සඳහන් වෙයි.

Read More

පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් මිලියන දෙකකට වඩා ලබා දී ඇති අතර, නව ධනාත්මක සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති බව කිංඩාඕ නාගරික සෞඛ්‍ය කොමිසම පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,085,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් දරිද්‍රතාවයට ඇද දමා ඇති බව එක්සත් ජාතීන් පවසයි.

Read More

රාමඤ්ඤ නිකායේ භික්ෂූන් වහන්සේ දේශපාලනය කිරීම අයෝග්‍ය බව එම නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියෝ පවසති. විශේෂයෙන්ම රජය සම්බන්ධ කටයුතුවලදී භික්ෂූන් වහන්සේ මනා අවබෝධයක් ඇතිව කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ පවසති.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ පළමු කාන්තා නිලධාරිනිය ලෙස බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය ඉතිහාසයට එක්වූවාය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරීන් කර ඇති සාකච්ඡා අනුව මාර්ග කිහිපයක ඇති සංඥා ලාම්පු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරන හෝමාගම සහ කැලණිය ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (12) වාර්තා විය.

Read More

වේයන්ගොඩ ,පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට තිරණය කර තිබේ.

Read More

සාක්ෂි ලබාදීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 5කට පසු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් ඇත.

Read More

2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසයි.

Read More

රජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති පොලීසියට කළ උපදෙස් දීම අනුව ඔහුව අත්අඩංගුවට ගැනිම වෙනුවෙන් පොලිස් කණ්ඩායම් 6ක් යොමුකර තිබේ.

Read More

මහනුවර ,ගලගෙදර ,දෙහිදෙනිය පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු විම නිසා එම වසමේ කොටසකට පමණක් සංචරණ සිමා පනවා තිබේ.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම් . හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

Read More

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන යාමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.