saravita-anim2

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා

Latest News - timelapse 8251 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 800,000ක සීමාවට ඇවිත්

calendar_today 2020 අගෝ 22 - 06:13 remove_red_eye - 218  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,860,000කට ආසන්න වී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.

මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2928ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මහා සංඝරත්නයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතාත් සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර , මොහොමඩ් මුසාම්මිල් සහ අසංක නවරත්න මහත්වරු පත් කර තිබේ.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

Read More

පැට 8ක පමණ කාලයක් සිදු වූ මෙම විදුලි බිඳ වැටීම ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් බවත් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

මෙරටින් තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් 127 දෙනෙකු රැගෙන ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානයක් 8/21 සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

දින කිහිපයක් අඩපණව පැවති නොරොච්චෝල ලක්විජය බලාගාරය ජාතික පද්ධතියට විදුලිය ලබා දීම (21) වන දින සවස වන විට ආරම්භ කල බව බලස්ථාන කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර සිට 8/21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා දිනය නියම කිරිම සැප්තැම්බර් මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

බතික් කර්මාන්තයට පහර දෙමින් තමා වෙත විපක්ෂය සිදු කරන චෝදනා මෙරට බතික් කර්මාන්තයේ නියැළෙන්නන්ට සිදු කරන ආශිර්වාදයක් බව බතික් , අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 ඉක්මවා තිබේ.

Read More

උතුරු කොළඹ ප්‍රදේශයේ කාලාන්තරයක් පැවැති ගංවතුර තත්ත්වය පාලනය කිරීම උදෙසා ස්ථීර විසඳුමක් ලෙස නව මුතුවැල්ල උමං මාර්ගය ඉදි කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ අද(21දා) දින සමාප්ත කෙරිණි.

Read More

භූ විද්‍යා පතල් කාර්යාංශය හොර ගුහාවක් යැයි සඳහන් කරමින් එම ආයතනයේ සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමන් පූර්ණ අවධානය යොමු කර ඇති බවත් ඒ සඳහා විමර්ශනයක් සිදු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් තමන් විසින් පත් කරන ලද බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි (YURYB.MATERIY) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර විශේෂ හමුවක් අද දින (21) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදු විය.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නිති විරෝධි ලෙස මෙරට නිෂ්පාදනය කරන ලද සුරුට්ටු තිස් දෙදහසක් හයසිය අසු හතරක් සමග සැකකරුවන් දසදෙනෙක් සුරාබදු නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනේ.

Read More

පාවෙන වෙළඳ සැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදු වීම නිසා පසුගිය කාලය තුළ දැඩි පාරිසරික ප‍්‍රශ්න ද මතුවී ඇත.

Read More

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.

Read More

අද දිනයේ නම් කළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ පළමු රැස්වම පස්වරු 2ට පාර්ලිමේන්තුවේදි රැස්වීමට නියමිතව තිබේ.

Read More

ජපානයේ ඉගැන්වීම් කටයුතු සඳහා සිසුන් යවන මුවාවෙන් කිසිදු ලියාපදිංචියකින් තොරව සිසුන්ගෙන් මුදල් අයකරගෙන අයකරගන්නා ආයතනයක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට දින හැකිවී තිබේ.

Read More

ආණ්ඩු පක්ෂයෙන් නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමර් වීරවංශ, ප්‍රසන්න රණතුංගත් විපක්ෂයෙන් ලක්ෂමන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් හා සෙල්වම් අඩෙක්කලනාදන් පත්කර තිබේ.

Read More

පසුගිය යහ පාලන ආණ්ඩුවේ හිටු අමාත්‍යවරුන් තිදෙනෙක් වන රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, හා මංගල සමරවීර මහතාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාත් දේශපාල පළිගැනීම් පිළිබඳ ජනපති කොමිෂමට පැමිණ තිබේ.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකින් හදිසියේ මුහුදට ඇද වැටීමෙන් මියගියැයි කියන 21 හැවිරිදි තරුණයකුගේ සිරුර ඊයේ (20) රාත්‍රියේ තංගල්ල ධීවර වරායට ගෙනා අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) තංගල්ල ධීවර වරායේදී සිදුකෙරිණි.

Read More

ජනපති ගෝඨාභය මහතා 9 වැනි පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

Read More

මාස තුනකට පසුව ඊයේ (20දා) ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කටාර් රාජ්‍යයේ සහ තායිලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 135 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. අලුයම 1.20 ට කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

රජයේ නව දැක්ම වන සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත් වන පවුලක් ඇති කිරීම සඳහා 2020 ජනවාරි මාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වඩා පුළුල් ලෙස ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පහත සඳහන් විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.