saravita-anim2

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

Latest News - timelapse 8531 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 1,060,000 ඉක්මවා ගිහින්

calendar_today 2020 ඔක් 09 - 06:44 remove_red_eye - 229  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,423,000ක් පසුකර ඇති අතර, මෙවැනි පසුබිමක ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ කොරෝනා රෝග විනිශ්චය දෙවියන්ගේ ආශිර්වාදයක් බවය.

චීනයේ සිට මෙරටට දූත පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. මේ අතරින් එක් අයෙක් ඇඟළුම් කම්හලේ සාමාජිකයෙක් වන අතර අනෙක් අට දෙනා ඔවුන්ගේ සමීපතමයින් වෙයි

Read More

කොරෝනා ආසාදිත බවට තහවුරු වී සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන පොල්පිතිගම රාවාඇළ පදිංචි සේවිකාවගේ මවට මෙන්ම පියාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

Read More

දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් භාණ්ඩ ආනයනය නැවැත් වූ බැවින් කොවිඩ් වසංගතය හමුවේ වුවද ඩොලරය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට හැකියාව ලැබී ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේ දී පැවසීය

Read More

පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ හා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දහම් පාසල්,පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූණි.

Read More

හොරණ මූලික රෝහලේ නිලධාරිනියක් අද සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

කොවිඩ් 19 වෛරසය ශරීරගතවී ඇතිදැයි සැකපිට බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහවෙල වසමේ පවුල් 15 කට අයත් 50 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සතොස සහ සමුපකාර අලෙවිසැල් හෙට (9) සිට විවෘත කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්වූ බව කියන දෙදෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට හඳුනාගෙන ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා කියයි.

Read More

ඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයා මීටියාගොඩ දී සි අයි ඩී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිසක් , දෙදින නිල සංචාරයක් සදහා අද දින රාත්‍රී චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ

Read More

සෞභාග්‍යයේ දැක්ම යටතේ සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින උපදෙස් දුන්නේය.

Read More

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප‍්‍රකාශන කාර්යාංශය හෙට සිට ලබන 16 දින දක්වා තාවකාලිකව වසා දමා තිබේ.

Read More

පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දැනටමත් සැළසුම් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආසාදිත පුද්ගලයින්ගේ සමීපතමයින් 10 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වී ඇත.

Read More

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකෙන් අද වනවිට කෝවිඞ් 19 ආසාදිත බවට තහවුරුවී ඇති 08 දෙනාම බ‍්‍රැන්ඩික්ස් ඇඟලූම්හල් පොකුරට අයත් බව එම දිස්ත‍්‍රික් දෙකේ වසංගත රෝග විද්‍යාඥයින් අනාවරණය කර ඇති බව සබරගමු පළාත් මාධ්‍ය ඒකකය පවසයි.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවයේ නියුතු පිරිසට වාර්තා කිරීම සඳහා අද දිනය අවසාන දිනය බවත් යම් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අනුයුක්තව සේවය කර ඇත්තනම් ළගම පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර සිටියි

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රෙද්ශ 18කට පනවා ඇති නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

හෙට (09) දිනයේ පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 10 ට ආරම්භ කර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පමණක් සීමා කිරීමට අද (08) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

Read More

කෝවිඩ් වෛරසය ආසාධනය වූ බවට හදුනා ගෙන ඇති ආසාධිතයෙකු හලාවත, අඹකදවිල ගම්මානයෙන් අද (08) වැනිදා හමු වී ඇත. හලාවත මහා රෝහලට වෙනත් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පසුගිය 06 වෙනිදා ඔහු රෝහලට පැමිණ ඇත.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ඇති වි තිබෙනා අවධානම් සෞඛ්‍ය තත්වයත් සමග අනුරාධපුර පොත් වසන්තය ප්‍රදර්ශනය නැවත්විම සදහා තමන් පියවර ගත් බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතා පවසයි.

Read More

කොරෝනා රෝග තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි අවශ්‍ය කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යංශය සහ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අමතර ගිලන් රථ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් පිරිසක් අනුයුක්ත කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

[UPDATE] මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ පවතින ආපනශාලාවේ සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.

Read More

ශාන්ත බ්‍රිජේඩ් කන්‍යාරමෙයේ සිසුවියකුගේ දෙමාපියෙකුට කෝවිඩ් - 19 ආසාදනය වී ඇත.

Read More

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ (බුළුගහගොඩ/ගනේමුල්ල/යාගොඩ/ගම්පහ/දාරලුව/බෙම්මුල්ල/මගෙලගොඩ/හීන්දෙණිය පට්ටිගෙඩ/වේයන්ගොඩ/වඳුරව/කීනවල/පල්ලෙවෙල/ගනේගොඩ/විජය රජදහන/මීරගම/විල්වත්ත/බෝතලේ/අඹේපුස්ස) දක්වා දුම්රිය නොනවත්වා ධාවනය වෙයි. මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ පේරලන්ද හා කුරන යන දුම්රිය ස්ථාන තුළද දුම්රිය නොනවත්වා ධාවනය වෙයි.

Read More

මීට අමතරව ඇතුළත මෙන්ම පිටත සාද පැවැත්වීම තහනම් අතර ජනතාව ඒකරාශි කිරීමද තහනම් වෙයි. සිනමා ශාලා, තැබෑරුම්හල්, කැසිනෝ හා සමාජ ශාලා, සූදු තැබීමේ ස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, කාමර ලබාදෙන ස්ථාන විවෘත කිරීම තහනම් කර තිබේ.

Read More

සිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා වරකට සහභාගී විය හැකි උපරිම පිරිස 50 ක් බව මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට හෝ සාමාජිකයෙකුගේ ඥාතියෙකුට කෝවිඩ් 19 වැලඳී ඇතැයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දේපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.