චීනයෙන් ආපු දූත පිරිස නිරෝධානය කරන්නෙ නෑ - ඇමති පවිත්‍රා
චීනයේ සිට මෙරටට දූත පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
කෙසේ වෙතත් එම පිරිස චීනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර මෙරටට පැමිණෙන අතර ඉන් අනතුරුව මෙරටදී නැවත පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරි සදහන් කළාය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා- චීන දූත පිරිස නිරොධායනය කරන්නේ නැතිව නේද එන්නේ?
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය -මේක මේ දූත පිරිස් වලට පමණක් නෙවෙයි ආයෝජකයන් ගෙන ඒමේදීත් මේ ගැන සලකා බලන්න වෙනවා.මේ පිරිස පැමිණියාම විශේෂ හෝටලයකට ගිහින් දුරස්තභාවය තියාගෙන සාකච්ඡා කරනවා.ඉන් අනතුරු ඔවුන් නැවතත් පිටත් කරනවා.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි - මේ අය ලංකාවට පැමිණෙන විට අපත් සමග එකගතාවට තියෙන්නේ එහෙන් පී.සී.ආර් පරීක්ෂණය කරගෙන එන්න ඕනී.ඒ වගේම ලංකාවට ආවට පස්සේ අපි පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා- ඒ කියන්නේ ලංකාවට පැමිණේන සෑම පුද්ගලයෙකුගේම පී.සී.ආර් පරීක්ෂණ කරනවාද?
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි -ලංකාවට එන සෑම කෙනෙකුගේම පීසීආර් පරික්ෂණ සිදු කරනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා- එතකොට ඒ සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවාද?
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සියලු දෙනා නිරෝධායනයට යොමු කරනවා.ඒත් මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න නැහැ.මේ අය එන්නේ දවසකට.මේ එන්නේ චීනයේ කොමිනිස්ට් පක්ෂයේ ඉන්න ඉහලම නිලධාරියෙක්.
රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය -මම තමයි ඒ පිරිස පිළිගන්න යන්නේ.අපිටත් ඉන්පසු උපදෙස් මාලාවක් ලැබුණා.ඉතින් මම පාර්ලිමේන්තුවට එන්න කලින් ඕනි නම් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් දෙන්නම්.

popular news
-
Kumar Friday, 09 October 2020 07:16 AM
I don't know how corona virus behaves in Sri Lanka. However, in in the US. one white house lawn meeting to introduce a judge, became a super spreader event that infected 18 or so participants. I suppose when somebody comes to your house with a bucket of money, you just all break rules?
Reply : 0 0
Don Friday, 09 October 2020 10:23 AM
Is that because Chinese are born via the next closest route?
Reply : 0 0
Nandana Friday, 09 October 2020 01:28 PM
Oya ena pirisa usas da? Pahath da? Wadak Naha virus ekata ewa adala Naha amathitumiya. Gon katha kiyanna epa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
