saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8742 hours ago

LATEST

බේරුවල,අලුත්ගම හා පයාගලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි

calendar_today 2020 ඔක් 25 - 18:42 remove_red_eye - 395  

බේරුවල,අලුත්ගම හා පයාගල යන පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) උදෑසනස 5.00ට ඉවත් කරන බව මින් පෙර දැනුම් දී තිබුණද එම නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මකයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අද (25) සවස වනවිට කොරෝනා ආසාදිතයින් 39 දෙනකු වාර්තාවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 263ක් හඳුනා ගෙන ඇත.

Read More

අද දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 113 දෙනෙකු සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

ගාල්ලේ ධීවරයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී වෛද්‍යවරු ඇතුළු නිලධාරීන්ට බාධා කළ ධීවරයකු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් මනෝ වෛද්‍යවරයකුට පෙන්වා ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (25) නියෝග කළේය.

Read More

මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් අවුරුදු 12ක් වයසැති ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද (25) දින රෝහල්ගත කල බවට මඩු පොලීසිය පවසයි.

Read More

අද (25) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කෝවිඩ්-19 වාර්තා වී නොතිබුණත් මධ්‍යම පළාතෙන් ආසාදිතයන්හය දෙනෙකු හමු වී තිබෙන බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි

Read More

රට තුල කොරෝනා රෝගින් ප්‍රමාණය ඉහළ යැමත් සමග, අඩු පහසුකම් සහිත ආදිවාසී ජනතාවගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් අද 25 දින සිට දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරිමට තමන් තීරණය කල බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී වන්නිලා ඇත්තන් මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

Read More

කොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

හැටන් නගරයෙන් පළමු කොවිඩ් අසාදිතයා හමුවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙළදසැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සිට සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට දින එනම් 2020 ඔක්තොම්බර් 26 වන දින පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් හා ඖෂධ වෙළඳ සැල් විවෘත කර තැබෙන බව දැනුම් දෙයි

Read More

ඉතාලියේ නාපෝලි නගරයේ සනිතා ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ ^24& සොයාගත් බව නාපෝලි කැරිබිනේරි පොලිසිය පැවසීය.

Read More

කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

පාර්ලිමේන්තු පොලිසියේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි ඩි ලයනල් මහතා පැවසීය

Read More

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල ) කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය

Read More

ගිනිගත්හේන නගරයේ මත්ස්‍යයින් අලෙවි කරන වෙලදසැල් හිමියෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය වි ඇති බවට (24) දින තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

Read More

මිරිහාන මූලස්ථාන පොලිසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කල කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි මිරිහාන පොලිසිය කියයි .

Read More

ගාල්ල ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන්, ලොරි රියදුරන් ඇතුළු විවිධ සේවා සපයන්නන් 726ක් සඳහා අද (25) දිනයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපලේ සේවය කර පී.සී.ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව කොරෝනා වෛයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් අයෙක් කොළඹ බදුල්ල ලංගම බස්‍ රථයකින් හාලිඇලට පැමිණ තිබේ.

Read More

දැනට පවතින කොවිඩ් - 19 උවදුර හේතුවෙන් ගැටලුවකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කර්මාන්තයක් වන ධීවර කර්මාන්තය බිඳ නොවැටී පවත්වාගෙන යාමට අවශ්‍ය ධීවර වරායන් සඳහා විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් සැකසීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය බලධාරීන්ට උප‍දෙස් දෙන ලදී.

Read More

මේ වසරේ කොවිඩ්-19 පළමු වැනි රැල්ලෙන් රට තුළ සිදුවූ හානිය යළිත් වටයකට සිදු නොවීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් පෙන්වා දෙයි.

Read More

“යම් ආකාරයකින් නිරෝධායන ඇඳිරි නීතියට පටහැනිව යම්කිසිවෙක් පටහැනිව කටයුතු කළොත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඊට හේතුව මෙම රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. අනිවාර්යයෙන්ම ඇඳරි නීතිය පනවා ඇති ප්‍ර දේශවල සංචරණය සීමා විය යුතුයි.”

Read More

පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කල මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළදපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කලහ.

Read More

හම්බන්තොට ධිවර වාරායේ ධිවරයින් 57දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුල ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60දෙනෙකුගේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍රයේදී අද (23) දින PCR පරීක්ෂණ සදහා නියැදි ලබාගන්නා ලදී.

Read More

ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ ග‍්‍රාම සේවා වසම් තුනක පදිංචි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

සමස්ත රෝගීන් සංඛ්‍යාව 7521 රෝහල්ගතව ප්‍රතිකාර ලබන 3792 රෝහල් අධීක්ෂණය යටතේ පසුවන (සැකසහිත) 482 ජීවිතක්ෂයට පත්වීම් 15 සුවය ලැබීම් 3714

Read More

ලී කුන්-හී ගේ පුත්, ජේ වයි ලී 2012 දී උප සභාපති ධුරයට පත්වූදා සිට සමාගමට නායකත්වය දුන් අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව ඔහු එම පදවිය උරුම කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.