saravita-anim2

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 8482 hours ago

LATEST

පළමු වරට කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව ඔන්ලයින් ක්‍රමයට

calendar_today 2020 ඔක් 19 - 21:50 remove_red_eye - 337  

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

Read More

කාදිනල් හිමිපාණන්ට අපහාස කරමින් සහ බෞද්ධ සහ කතෝලික ජනතාව අතර වෛරය ගොඩනැගෙන ප්‍රකාශ ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව නොවැම්බර් 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර සඳහා තෝරාගෙන ඇති පිරිස 34,818 දෙනෙකි.

Read More

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල සඳහා අද 2020.10.19 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැතිට භාර දුන්හ.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 40ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් හෙට (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

Read More

බොරැල්ල ළමා රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා වයස අවුරුදු 2යි මාස 06ක් වයසැති දරුවෙකුට සහ එම මවට කෝවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙන බවට වාර්තා වේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ 10/19 දින සවස 4.00 වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 10 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළිනුත් , තවත් 02 දෙනෙකු මෙම කළාපයට පිටතින් පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා වලිනුත් සොයාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

දැනට විදේශ රටකට පළා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ සමිපතමයෙකු වන පංචිකාවත්තේ නෙවිල් නැමැත්තා පිස්තෝලයක්ද සමඟ අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නුවර පාරේ සහ මීගමුව පාරේ ගමන් ගන්නා වාහන නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිදු ස්ථානයක නතර කිරීමක් සිදු නොකළ යුතු බව පොලීසිය සඳහන් කරයි.

Read More

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී තිබේ.‍

Read More

දේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුනට දෙස් - විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහයෝගය ලබා දිය හැකි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කටයුතු යොදා ඇත.

Read More

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී දෙමළ ජනතා විමුක්ති පක්ෂයේ නායක සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් (පිල්ලයාන් )ට එරෙහිව නඩු විභාගය කල් දමන ලදි.

Read More

හදිසි පනත් සම්මත කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනපතිවීමට අවස්ථාව ලබාදීම, රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිට ඇති බලතල අහෝසි කිරීම, ඇමතිවරුන් ගණනට ඇති සීමා ඉවත්කිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙම ලිපිය යොමුකර තිබේ

Read More

අද උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාක්ෂි ලබාදීම සඳහා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

Read More

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් බන්ධනාගාර ජේලර්වරයා 23 දින දක්වා රදවා ප්‍රශ්න කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ආර්.එස් .මහ්ෆි මහත්මිය පුත්තලම පොලිසියට අවසර ලබා දිම සිදුවිය.

Read More

ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.

Read More

කෝවිඩ් -19 වෛරසය ආසාදානය වූ තවත් 37ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

Read More

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් ට රැකවරණය දුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

Read More

මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන ඇත.

Read More

මාස් ව්‍යාපාර සමූහයේ සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආදානය වී ඇති බව එම සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගණිකාවන් බවට පත් කිරීම සදහා කාන්තාවන් පස්දෙනෙකු රදවාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් ‘ජිනා මැඩම්’ නමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද (19) අත්හිටවු සිරදඩුවම් හා දඩ නියම කළේය.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 47ක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට සිදු කිරීමට අධිකරණ අමාත්‍යාංශය විසින් කටයුතු කළ අතර ඒ අනුව On Line ක්‍රමයට ජනතා ගැටළු විසදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.