සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ තුල ගොවියා,සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා වන අකාරයේ ක්‍රියාදාමයක් පවතින බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු මේ බව කියා සිටියේ, අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් සංවිධානය කළ හමුවක දී යි.
මෙරට තුල කොරෝනා රෝගය පැතිර ගිය මුල් අවස්ථාවේ දී වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා වෙනදාටත් වඩා සක්‍රීයව සිදු කෙරුණු බව මෙම අවස්ථාවට එක් වූ අනුරාධපුර මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක පෙන්වා දුන්නේ ය.