saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 8084 hours ago

LATEST

කංසා වගා කල නිවෙස් හිමියා වියළි ගංජා සමඟ අත්අඩංගුවට

calendar_today 2020 සැප් 06 - 15:55 remove_red_eye - 266  

වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.

2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් රජය ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

20 වෙනි සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධි යැයි කිඹුල් කදුළු හෙළන්නේ යහපාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අය බවත් 20 වෙනි සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් දිවුලාන විල්ලුවේ මඩේ එරි සිටි කුඩා වනඅලි පැටියෙකු බේරා ගැනිමට පොලොන්නරුව වනජිවි කාර්යාලයේ වනජිවි නිළදාරින්ට හැකි වු බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.

Read More

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

රජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.

Read More

ඊයේ පැවති අධික වර්ෂාවත් සමග පාලින්දනුවර ප්රාතදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොස්ගුලන ප්‍රදේශයේ කන්දක පිහිටි ගලක් ගැලවී පහලට පෙරලීමත් සමග ඇතිවූ නාය යාමේ අවධානමක් නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක පිරිස කොස්ගුලන පාසලේ සහ කොස්ගුලන විහාරස්ථානයේ රඳවා තැබීමට කටයුතු කල බව කළුතර දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සුජිත් කුලසේකර පවසයි.

Read More

කෝවිඩ් ආසාදිත තවත් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2925ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරය තුළ තිබෙන කාන්තා අංශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ

Read More

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත්වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නියෝජනය කෙරෙන සාමාජිකයෙකු පත් කරන්නැයි ඉල්ලමින් දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂ්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

Read More

පසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප‍්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.

Read More

කඩා වැටීම් ,පරාජයන් මැද අප නැඟී සිටිය යුතුමය. කදු මුදුනක ගොඩ වූ විට ප්‍රපාතයක් හමුවීම අනිවාර්යය. කදු මුදුනේ රැදී සිටින්නට අපොහොසත් වන්නේ නම් අප දුර්වල නම් ප්‍රපාතයට ඇද වැටීම සිදුවේ. අප අද ඒ ඉරණමට මුහුණ දී ඇත. වැරදුනු තැන අවබෝධ කර ගනිමින් වඩාත් ශක්තිමත් වෙමින් අප ඉතා ඉක්මනින් ම නැගී සිටිය යුතුය. සියලු බලවේග ඒකරාශී කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය තවත් වසර සියගණනක් ආරක්ෂා කරමින් අප ජයග්‍රහණය කර පිය නැගිය යුතුමය.

Read More

සැප්තැම්බර් 14 දා ආරම්භ කිරිමට නියමිත ඉතාලියේ 2020/ 21 නව පාසැල් වාරය සඳහා සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් සකසා ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබැර්තෝ ස්පෙරන්සා මහතා පවසයි

Read More

නිවසක් කුලීපදනම මත ලබාගෙන මත්කුඩු ජාවාරමේ යෙදුණු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු රුපියල් ලක්ෂ හයකට අධික වටිනා හොරොයින් මත්කුඩු සමග පයාගල, පහල ගොඩ, ගොඩැල්ල වත්ත, ප්‍රදේශයේදී 4 අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි

Read More

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවිමක් හෙට දිනයේදි බලාපොරෝත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තෙල් නැවේ ගින්න පාලනය කිරීම වෙනුවෙන් එක්ව ඇති ශ්‍රී ලංකා, ඉන්දියා ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් පාර්ශ්ව වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

Read More

ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටලු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන තිරසර වැඩපිළිවෙලක් සකසන බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ

Read More

වව්නියාව පූවර්සන්කුලම් අර්ෆානගර් ප්‍රදේශයේ නිධන් හැරීමට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු කාර් රථ දෙකක් සමගින් ඊයේ (05) දින අත්අඩංගුවට ගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

Read More

මහනුවර හන්තානපාරිසරික ආරක්ෂකකලාපයේඅක්කර 7ක 8ක පමණ භූමි භාගයක්කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කොට ඇති බවටහන්තාන සුරැකීමේ සංවිධානය විසින්මහනුවර මූලස්ථාන පොලිසියටත්මධ්ය ම පරිසර අධිකාරියටත්හන්තාන පාරිසරික ආරක්ෂක කමිටු වටත්ලිඛිතව පැමිණිලි කොට තිබේ .

Read More

‘ලෝකයේ හුදෙකලා අලියා’ ලෙස බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට පරිත්‍යාග කළ කාවන් අලියා පාකිස්තානයේ සිට කාම්බෝජියාවට රැගෙන යාමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

අක්මිමණ පොලිස් බල ප්‍රදේශයට අයත් තොටගොඩ බැදිපාරේ පිහිටි පුද්ගලික හිස් ඉඩමක තිබි ටි.56 ජිවඋණ්ඩ 123ක් ඊයේ (05) පස්වරුවේ දි සොයාගත් බැව් අක්මිමණ පොලිසිය පවසයි.

Read More

2019 වර්ෂයේදී මිලියන 5000 ක පමණ අලාභයක් තැපෑල ලබා ඇති බව තැපැල් සේවා හා ජනමාධවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පැවැසීය

Read More

ගතවු පැය 24 කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලිමකදි පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවැන් කුඩා හා එක්දින ධීවර යාත්‍රා ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු යෑම තාවකාලිකව නවන්වා තිබේ.

Read More

මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු දොඩංගොඩ අක්කර 8 වත්ත ප්‍රදේශයේදී දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ ( 5 ) අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

Read More

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සඳහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය

Read More

පදිංචි නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි මල්ලියි අතර ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව ඊයේ (5දා) අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

Read More

එසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉන්දියාව වෙත ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අද (06දා) උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.