හැටන් ගාමිණීපුර ප්‍ර දේශයට අධි බලැතිි විදුලි ධාරිතාවක් ආ බවට චෝදනා
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන හැටන් ගාමිණිපුර ප්‍රදේශයට අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා එම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් රැසකගේ විදුලි උපකරණ පෙරේදා (27දා) පිලිස්සි ඇති බව එම පාරිභෝගිකයන් පැවසිය.
පස්වරු 3.30 ට පමණ එකවරම අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම නිසා තම නිවාස වල තිබු විදුලි බුබුළු , රුපවාහිනි යන්ත්‍ර , ශිතකරණ , රෙදි සෝදන යන්ත්‍ර , විදුලි උදුන් ඇතුළු උපකරණ රැසක් පිලිස්සි ඇති බවයි ගාමිණිපුර ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
විදුලි පාරිභෝගිකයෙකුගේ නිවසකට උපරිම විදුලි ධාරිතාව වොල්ට් 230 ධාරිතාවක් ලැබිය යුතු බවත් , (27) දින පස්වරුවේ තම නිවාස වලට වොල්ට් 252 පමණ විදුලි ධාරිතාවක් ලබා ඒම නිසා විදුලි උපකරණ රැසක් පිලිස්සි ඇති බවයි ගාමිණිපුර ප්‍රදේශවාසින් කියා සිටියේ.
අධි බලැති විදුලි ධාරිතාවක් ගලා ඒම සම්බන්ධයෙන් ගාමිණිපුර ප්‍රදේශවාසින් විසින් හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විදුලි මණ්ඩල සේවකයින් පැමිණ ඒ පිළිබද සොයා බැලිමක්ද සිදුකර තිබේ.
මේ පිළිබඳව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිහාල් සමරකොන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඇද ඇති විදුලි රැහන් සහ විදුලි කණු ඉතා අබලන් තත්ත්වයේ පවතින බවත්, එය අලුත්වැඩියා කිරිම සඳහා ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් කිසිදු සහයෝගයක් විදුලි බල මණ්ඩලයට ලබා නොදෙන බවයි.

අධි බලැති විදුලි ධාරිතාවක් එම ප්‍රදේශයට ගලා ආවද යන්න පිළිබදව සොයා බැලිමක් සිදු කරන බවද නිහාල් සමරකොන් මහතා කියා සිටියේය.
popular news
-
Kumar Sunday, 29 November 2020 09:37 PM
This happens when a phase wire touch the neutral wire. Usually there are four wires attached to each pole and every consumer is connected to a phase wire and a neutral wire. The lowest or the fourth wire is the neutral wire. If the third wire get over loaded and hot, wires will sag and touch the fourth wire. When that happens every consumer tied to the top two phase wires and the neutral gets double the usual voltage. That causes every appliance to fry. Every consumer tied to the two lower wire is spared. Lower phase wire gets overloaded when lazy employees of the utility tie lot more consumers to third wire than permitted.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
