saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8422 hours ago

LATEST

මධ්‍යම පළාතෙන් කොරෝනා ආසාදිතයන් 106 දෙනෙක්

calendar_today 2020 නොවැ 01 - 21:03 remove_red_eye - 989  

මධ්‍යම පළාත තුළින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති වන බවත් ඔවුන් සියලු දෙනා මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

හෙට සිට නැවැත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත ජනතාව පැමිණිම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා‍ කෙරේ.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 193ක් අද දිනය තුළ වාර්තා වෙයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරිනියන් දෙදෙනෙක් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය

Read More

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසක් ගනී.

Read More

ඇඳිරිනීතිය පවතින කාලසීමාවේදී මෙවරත් අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව රජය දන්වා සිටියි.

Read More

කොරෝනා වෛරසය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2717 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

පිළියන්දල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි රැඳී සිටි වෛද්‍යවරයෙක්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කියයි .

Read More

මේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධාය​න ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

ගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව දකුණු පළාත් කොවිඩ් 19 මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.

Read More

කොවිඩ් 19 ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ සහ වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන දෙකද යොදා ගැනීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා 95 කින් 94 ක්ම ඍණාත්මක වී ඇති බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේය.

Read More

බොරුල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

දකුණු පළාතෙන් අද (01) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 101ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොවිඩ් - 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 366 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .

Read More

ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර ලබන අගහරුවාදා (03) සිට ඇරඹෙයි.

Read More

දකුණු පළාත තුල පුද්ගලයින් 3953 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය ඉකුත් (27) දින සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් ගම්මාන සහ හැටන් නගරය විෂබිජහරණය කර නිරෝධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලෙසට ප්‍රදේශවාසින් දැනුවත් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් අද දින සිදු කෙරිණ.

Read More

පොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.

Read More

මුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පී.සී.ආර්. යන්ත්‍රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Read More

නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා තිබූ එරට අපද්‍රව්‍ය බහාලුම් 242න් , එම බහාලුම් 20ක් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත , ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ දින අලුයම යළි එංගලන්තය බලා ප්‍රති නැව් ගත කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මුව ආවරණ හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරමින් කටයුතු කළ පුද්ගලයන් 61ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් අහුංගල්ල ප්‍රදේශයේ දී විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොරෝනා ආසාදිතයින් දොළොස් දෙනෙකු වාර්තා වීම නිසා මහරගම නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රගතිපුර ,වෙල්සිරිපුර සහ රාහුල පුර යන ගම්මාන තුන හුදකලා කිරීමට පියවර ගත් බව මහරගම නගර සභාව පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීති නියෝගය උල්ලංඝනය කරමින් බස්නාහර පළාතෙන් පිටතට ගිය පුද්ගලයන්ට ඉදිරියේදී නිරෝධායන නීතිය අනුව නඩු පැවැරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මෙම මැතිවරණ රැලිවල ප්‍රතිඵලයක් ලෙස 30,000කට අධික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ තුළ 700කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වන්නට ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.