saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7990 hours ago

LATEST

නවසීලන්තයෙන් වැඩිම කිරි ගෙන්වන්නේ ශ්‍රී ලංකාවයි

calendar_today 2020 සැප් 27 - 10:07 remove_red_eye - 519  

නවසීලන්තයෙන් වැඩිම කිරිපිටි අපනයනය කරන රට ශ්‍රී ලංකාව බවත්, ඉදිරි වසර 3 ඇතුළත මෙරට කිරි වලින් ස්වයංපෝෂිත කරන බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මෙරට වගා කළ හැකි මල් වර්ග ආනයනය ඉදිරියේ දී සීමා කෙරේ. මේ සඳහා මල් වගාකරුවන් දිරිමත් කර මෙරට වගා කළ හැකි වැඩි ඉල්ලුම්පත් සහිත මල් වර්ග වැඩි වශයෙන් වගා කිරීමට ඔවුන්ව පෙළඹවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

සමගි ජනබලවේගයේ බුලත්සිංහල සංවිධායක හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතා එම සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ,ඉදිරියට සියලු දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කල බවත් සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත.

Read More

හය දෙනෙකුට වඩා රැස්විය නොහැකි නීතිය විරෝධතා සඳහා වලංගු නොවුණත්, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂකයන් විසින් කඩ නොකළ යුතු අතර, සංවිධාකයන් විසින් අවදානම් තක්සේරුවක්ද ඉදිරිපත් කළ යුතුය.

Read More

රටවල් 108 ක කොවිඩ් -19 වසංගත වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ආර්ථික ප්‍රකෘතිය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සමීක්ෂණ වාර්තාවක් සුප්‍රසිද්ධ චීන YICAI පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති අතර එහිදී ලෝකයෙන්ම දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙහි දත්තවලට අනුව, පසුගිය සතිය තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ දින හතේ සාමාන්‍ය අගය 44,111කි.

Read More

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන බොල්වුඩ් වෘත්තිකයන් දුසිමකට වඩා වැඩි පිරිසක් බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

Read More

වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,700,000ක් ඉක්මවා ඇති අතර, ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදාගන්නැයි පාප් තුමන් ඉල්ලයි.

Read More

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ගිනි ගෙන අනතුරට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442 ක සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට එම සමාගම එකඟතාව පළ කර තිබේ.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශ්වික සමුළුවක් අද (26දා) දින පවත්වන ලදී.

Read More

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රතිදේහ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා අද දිනයේ හෝ හෙට දිනයේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත බව වසංග රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරසිංහ මහතා පැවැසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

Read More

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගතවූ පැය 24ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවි‍ධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.

Read More

ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස ​​හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.

Read More

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.

Read More

චීනය සංවර්ධනය කරන ලද COVID-19 එන්නත් හතරක් විදේශ බලධාරීන්ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු විදේශයන්හි මානව අත්හදා බැලීම්වල අවසාන අදියර ආරම්භ කර ඇති බව ජාතික වෛද්‍ය නිෂ්පාදන පරිපාලනයේ ඖෂධ ලියාපදිංචි කිරීමේ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යැං ෂෙන්ග් පවසයි.

Read More

අද (25) කොවිඩ් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මාතරදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට මුලින් වාර්තා වූ රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සමාජිකයා සම්බන්ධයෙන් හම්බන්තොටදී කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු වෛරසයට සෘණාත්මක වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.