රිය අනතුරු 5කින් 5ක් මරුට
මාරික රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව තිබෙ. ඊයේ දිනයේදී මෙම මාරක අනතුරු පහ සිදුව තිබේ.
වැල්ලවාය, වැල්ලවාය - තණමල්විල මාර්ගයේ වෑන් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 27ක් වූ ඇතලිවැ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුට්ටිගල, ඇඹිලිපිටිය - නෝනගම මාර්ගයේ යතුරුපැදියක පසුපැදිකරු යතුරු පැදියකින් වැටීමෙන් සිදුවූ අනතුරකින් පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 47ක් වන තුංකම පදිංචිකරුවෙකි.
මිහින්තය, රඹෑව ප්රදේශයේදී යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 22ක් වන මාතලේ පදිංචිකරුවෙක් ජීවිතක්සයට පත්ව තිබේ.
ගොකරැල්ල, දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ නැකැත්ත හන්දියේදී පුද්ගලික බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 23ක් වන ගොකරැල්ල පදිංචි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිලිනොච්චිය, කිලිනොච්චිය - වට්ටකච්චි මාර්ගයේදී ත්රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඇලකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 27ක් වූ පෙරියකුලම් කණ්ඩාවලී පදිංචිකරුවෙක් ජීවිතක්ෂට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
