saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7974 hours ago

LATEST

දුම්රිය ගේට්ටු වසාදමා තිබියදි බස්රථය ධාවනය කළ රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට

calendar_today 2020 සැප් 30 - 18:45 remove_red_eye - 619  

සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විකාශනය වු සිද්ධියට අදාළ පයාගල දුම්රිය හරස් මාර්ගයේදි දුම්රිය ගේට්ටුව වසා තිබියදි දුම්රිය මාර්ගය හරහා ධාවනය වු පුද්ගලික බස්රථයේ රියදුරු හා කොන්දොස්තර අද (30) දින පොලිස් ස්ථානය වෙත කැඳවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

Read More

සිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග මිලදී ගැනීමේදී හෙට (01දා) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීමේදී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාව අනුමත කිරිමට නිර්දේශ කරන නිර්ණායකයන් නැවත අධ්‍යයනය කොට වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරිමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

සජිත් ප්‍රේමදාස සහභාගි වු රැස්විමකට ගල් ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අවසන් ගෞරව දැක්වූයේය.

Read More

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණී අවස්ථාවේදී එසේ අනාවරණය වූ අතර අද දින සහ මීට පෙර දින කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ඔවුන් පැමිණ තිබුණි.

Read More

ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරඟාවලිය සදහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය.

Read More

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වේ. ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි.

Read More

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට අද (30දා) ගිනි අවිවලින් සන්නද්ධව කඩාවැදුණු පුද්ගලයන් හත් දෙනෙකු යුත් කණ්ඩායමක් රුපියල් කෝටි තුනකට අධික මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි කටාන පොලීසිය කියයි.

Read More

මහනුවර ප්‍රදේශයේ පාසැල් දරුවන්ගෙන් කප්පම් ගැනිමේ සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වි ඇති බවත් ඒ සම්බන්ධව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහනුවර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අවධාරණය කළේය.

Read More

තවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3379 දක්වා ඉහල ගොස් ඇත.

Read More

පරිසර විනාශයන් පිළිබදව මේ දිනවල විශාල කතාබහක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔ්නෑම විවාදයකට එක්විමට තමන් ආරාධනා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කටාන කිඹුලපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් එම නිවසේ තිබූ රුපිලයල් ලක්ෂ 300ක පමණ මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි”

Read More

කොවිඩ්-19 අභියෝගය හමුවේ හැකි ඉක්මණින් පාසල් ආරම්භ කරන්නැයි දරුවන් කළ ඉල්ලීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් සැළකිලිමත් වෙමින් ඉටු කරදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30දා) පැවසීය.

Read More

කොළඹ නගරයේ පැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි පිළිසකර කර යළි ප්‍රයෝජනයාට ගත හැකි සේ සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

Read More

සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වු රැස්විමක් අතරතුරදි කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ඊට සම්බන්ධ වු පුද්ගලයින් දෙදෙනෙකු අද (30) දිනයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරු ලබාදුන් කාන්තාවක් අද (30)දා අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලීසිය පවසයි.

Read More

සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව, උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්‍රදානය කරයි.

Read More

මොරටුව ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනයවූ බස්රථයක ගුද මාර්ගයේ සඟවා ගෙන හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු කුඩාඔය ප්‍රදේශයේදී ඌව-කුඩාඔය පොලීසිය මඟින් (29) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන ශිත සමයේදී කොවිඩ් වසංගතය පැතිර යාමේ ඉහළ යාමක් සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බැවින් ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දින වකවානු සඳහන් කල නොහැකි බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිවේදනය කරයි.

Read More

ගාල්ල කොටුවේ තිබී පැරණි ගල් අඟුරු වළක් හමුවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

Read More

‘නිරෝධායන අවශ්‍යතා’ ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භක කිරීමට නියමිතව තිබූ දිනය වෙනස් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ගල් ගැහුවට මම යන්නේ නෑ. ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අපි හැමෝම දන්නවා මේ රත්මලානේ දේශපාලනය කවුද මෙහෙයවන්නේ කියලා. මදාවියොන්ට බයේ මම ඉන්නේ නෑ.

Read More

ඉදිරි දෙසතිය තුළ විශ්වවිද්‍යාලවලට තෝරා ගන්නා සිසුන්ගේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සදහන් කරයි.

Read More

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව කතෝලික විභාවනය පවසයි.

Read More

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියට හිමි ‘ජංගම දුරකතනය හා පරිගණකය ලබාගැනීම’ යන මැයෙන් ඇයගේ පෞද්ගලික ලේකම් මනුල පේරේරා මහතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට යැවූ බව කියන ලිපයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.