saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8347 hours ago

LATEST

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවක

calendar_today 2020 නොවැ 18 - 15:00 remove_red_eye - 259  

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.

Read More

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.11.18 දින පැවසීය.

Read More

බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් පසුගිය 17 දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 10 දෙනා සමග මේ වනවිට හමුව ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 55 දක්වා ඉහළ ගොස් ඇතැයි බුලත්සිංහල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරයි.

Read More

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 401ක් ඊයේ දිනයේදී හඳුනාත් බවත් ඒ අතරින් වැඩිම පුද්ගලයන් පිරිසක් වන පුද්ගලයන් 398ක් දේශීයව හඳුනාගත් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් මුහුදු ආරක්ෂකයින් වෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පරිසර අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙතැන් සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන කොවිඩ් කමිටුවට කැඳවන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආච්චි පවසයි.

Read More

උතුරු පළාතේ ඉදිරියේදී සමරනු ලබන මහවිරු සැමරුම් සියල්ලක්ම නිරීක්ෂණය සඳහා ආරක්ෂක අංශ විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

මාවතගම ප්‍රධාන තැපැල් කාර්යාලය ඊයේ 16 පස්වරුවේ සිට වසා දැමිමට පාලන අධිකාරිය තිරණය කර ඇත.

Read More

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පිරිසක් පළායාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පල්ලෙකැලේ සහ කෑගල්ල බන්ධනාගාර අධිකාරිවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කොට තිබේ .

Read More

මහනුවර දිගන සහ ඒ අවට ප්‍රදේශවලට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි .

Read More

බ්‍රෑන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් ව්‍යාප්ත වු කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් විමර්ශන කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර ඇති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දි තිබේ.

Read More

නව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.

Read More

ට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.

Read More

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30 රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතය.

Read More

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන වීම සඳහා යොමුකොට සිටී රක්ෂිත බන්ධනාගාර රැඳවියන් පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ පැනයාමට උත්සාහ කොට ඇති අතර ඒහිදි බන්ධනාගාර ආරක්ෂක අංශ සිදු කළ බව කියන වෙඩිතැබීමකදි එක්කන් රැදවියෙකු මියගොස් තවත් රැඳවියකු බරපතළ තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ .

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් වර්තමාන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ඉහළ යාම් ගැන අතිශයින්ම සැලිකිලිමත් වී ඇති අතර, එන්නත් පුවත් දිරිගන්වනසුලු වුවත්, වසංගතය නොසලකා හැරීමක් නොකරන්නැයි අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යළි ආරම්භ කරමින් , එහි පළමු කණ්ඩායම ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත විශේෂ ගුවන් යායානයකින් අද අලුයම රැගෙන විත් තිබේ .

Read More

චීනයේ සීනෝවාක් සමාගමේ එන්නත පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී වැඩිහිටියන් 700ක් යොදාගෙන සිදුකළ පරීක්ෂණවලදී, ඉදිරිපත් වූ කිසිවෙකුට කොවිඩ්-19 ආසාදනය පිළිබඳ ඉතිහාසයක් නොමැති බව කියයි.

Read More

එනමුදු ඉන්දීයාවේ දිල්ලි අගනුවර තුන්වැනි රැල්ලකට මුහුණ දී ඇති අතර, ආසාදන වාර්තාගත ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් රාජේෂ් භූෂාන් අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

ඇමෙරිකානු ෆෙඩරල් සංචිතය හෙවත් මහ බැංකුවේ ප්‍රධානී ජෙරොම් පවෙල් අනතුරු ඇඟවූයේ, ’’සුවය ලැබීම අසම්පූර්ණයි. කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම ආසන්නයේ ඇති ආර්ථික අවදානම් ඉතා විශාලයි. අපට තව බොහෝදුර යා යුතුව තිබෙනවා.’’ යනුවෙනි.

Read More

’’අප සැවොම මුහුණදෙන මේ දෙවැනි රැල්ල දැවැන්ත මෙන්ම, මාරාන්තික වන අතර අපව රැකබලා ගන්නන් සහ සමස්තයක් වශයෙන් අපගේ සෞඛ්‍ය පද්ධතිය පීඩාවට පත් කරමින් තිබෙනවා.’’ ප්‍රංශ සෞඛ්‍ය ඒජන්සි අධ්‍යක්ෂ කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 55,500,000ක් ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 241ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 398ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

තවත් කෝවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වේ.

Read More

බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 500 දක්වා ඉක්මවා ගොස් තිබේ.

Read More

පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බව තහවුරු විමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කල රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ අද (17) සිදු කරණු ලැබීය.

Read More

මාළු මිලදී ගැනීම හා පරිභෝජනයට මහජනතාව දක්වන බිය මගහැරීම වෙනුවෙන් හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු අනුභව කළේය.

Read More

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 14327ක් වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.