කුරුණෑගල රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් ගන්න මුදල් එක්රැස්වෙයි
කුරුණෑගල ශික්ෂණ රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීම සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 80 ක මුදලක් කුරුණෑගල මහ නගර සභාවේ සහ පරිත්‍යාගශීලී භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයෙන් එකතුවී තිබේ.
මෙම යන්ත්‍රය මිලදී ගැනීමට සහ එය ස්ථාපිත කිරීමට සඳහා රුපියල් ලක්ෂ 80 ක මුදලක් වැය වෙතැයි පැවසේ. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මූලිකත්වයෙන් සහ සියළුම නාගරික මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් මහ නගර සභා අරමුදලින් රුපියල් ලක්ෂ 52 ක් මෙම යන්ත්‍රය මිලදී ගැනීමට ප්‍රධානම දායකත්වය ලබාදී තිබූ අතර, ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමියන් ඒ සඳහා අවශ්‍ය තවත් රුපියල් ලක්ෂ 15 ක මුදලක් පරිත්‍යාග කළහ. ඉතිරි මුදල වූ රුපියල් ලක්ෂ 13 ක මුදල වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් එක්ව රුපියල් ලක්ෂ 14 කට අධික මුදලක් පරිත්‍යාග කළහ. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි වීරපොකුණේ සුමංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් එම මුදල එක්රුස් කර තිබුණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ දෙවන වටයේ විශාල වශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් වාර්තා වූ අතර මෙම තත්ත්වය හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැක සහිත පුද්ගලයන් පීසීආර් පරීක්ෂාවට ලක් කිරීම බරපතළ ගැටළුවක් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහලක පීසීආර් යන්ත්‍රයක් නොතිබීම හේතුවෙනි.
popular news
-
ranjith Wednesday, 02 December 2020 05:00 AM
prabala desapalanchayo niyojanaya karana disthikkayaka rohalata pcr yanthayak ne neda
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

