saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7917 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් මරණ 1,080,000ක සීමාවට ඇවිත්

calendar_today 2020 ඔක් 13 - 06:50 remove_red_eye - 227  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 37,725,000ක් පමණ වන අතර, කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට නිසි මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොවිඩ් මර්දනයට තිබෙන වැදගත්ම දේ තමයි සත්‍ය හෙළි කිරීම. ඒක මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර තිබෙනවා.

Read More

බදුල්ල පාලාවත්ත ‍බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) ගම්වැසියෙක් විසින් පහරදී මේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක ඇතිවී තිබේ .

Read More

අනුරාධපුර විහාරපාළුගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්, අද (12 දා) එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් රෝග ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි

Read More

පාස්කු ප‍්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කොට ඇත.

Read More

ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.

Read More

කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් මාර්ගයේ බිමතින් වැටි සිටියදි සොයාගත් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමකට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 51කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුනායක, සීදුව, රද්දොළුගම හා ආඬිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර් මහතා සඳහන් කරයි.

Read More

ඊයේ (11) හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙක නැවතත් අද (12) සවස 6 සිට යළි විවෘත කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ කාර්මිකකරණය කඩිනම් කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තාක්‍ෂණ හා ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරුට අධ්‍යනය කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේජි මහතා පැවැසූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 10/12 දින සවස 5.30 වනවිට කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 22 දෙනෙකුගෙන් ඉහළ ඇති බවත් , ඒ අනුව මේ දක්වා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සමස්ථ කොරෝනා ආසාදිත සේවකයින් සංඛ්‍යාව 39 ක් බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

කොරෝනා වසංගතය වැළැක්වීමේ පියවරක් වශයෙන් මීගමුව අධිකරණ සංකීර්ණය සහ දේශීය ආදායම් කාර්යාලය සුමානයක (12-16) කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

Read More

තමා පිළිබඳව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටින ඇතැම් පිරිස් අසාධාරණ දේශපාලන වාසියක් හා වර්ගවාදී වාසියක් ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එ්වා හරහා බලපෑමකටට ලක් නොවනු ඇති බව තමාට විශ්වාස බවත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාද් බද්යුදීන් මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින බව කියන කොල්ලූපිටියේ ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ රුපියල් කෝටියකට වඩා වටිනා නිවසක් ලබාගැනීම එම නිවස සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාට සහ පර්පචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාට ලබන නෙවැම්බර් 18 වැනිදා අධිකරණ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා අද(12) සිතාසි නිකුත් කළේය.

Read More

හිටපු ජනපති පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසම හමුවේ දෙවන වරට පෙනී සිටියා. ඔහු පැය 5ක කාලයක් සාක්ෂී දීමෙන් පසු පිටව ගියා.

Read More

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ශ්‍රී ලංකාවේ 33 වැනි කොවිඩ් පොකුර බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රට තුල පවතින කොරෝනා වසංගතය හේකුවෙන් සියලුම මහජන කටයුතු සහ සියලුම මණ්ඩලීය රැස්වීම් වාර කටයුතු 2020.10.12 දින සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිව අත්හිටුවීමට කටයුතු කර තිබේ

Read More

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසටද අද (12) සිට පත්කර තිබේ.

Read More

මාධ්‍යයට අයිතියක් නෑ ප්‍රද්ගලයාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන්න. කොවිඩ් වැළඳුනා කියන්නේ අපරාධකාරයෙක් නෙමෙයි. ඒක ප්‍රවේශමෙන් වාර්තා කළ යුතුයි.

Read More

පුගොඩ පිහිටි සවුත් ඒෂියා ටෙක්ස්ටයිල් ආයතනයේ සේවකයෙක්ටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

ලෙඩක් සම්බන්ධව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවන් තුළ වාර්තා වු‍ණොත් හොඳයි කියන එකයි අපේ අදහස. එය ඔබට විවෘතයි. ඛේදවාචයක් තුළ පවුලක් වැළපෙන හැටි පෙන්වීම තුළින් කාටවත් වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. එයින් සමාජයට වැඩක් වෙයි කියලා හිතන්නේ නෑ.

Read More

හෙට සිට රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

Read More

මොරටුව ප්‍රදේශයේ පිහිටි Medihelp රෝහලට රුධිර පරික්ෂාවක් සඳහා පසුගිය ඔක්තෝම්බර් 05 වෙනිදා පැමිණි පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කර සිටියි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ යෙදි සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා ආසාදනය වි ඇති බව තහවුරු වි තිබේ.

Read More

හම්බන්තොට, ගාල්ල, මාතර හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි අධිකරණ සීමාවට යටත්ව ඉන්දීය කොන්සල් ජනරාවරයෙක් පත්කර තිබේ. හම්බන්තොට වාසස්ථාන සහිතව ඩිපින් පී. ආර්. මහතා මෙසේ කොන්සල් ජනරාවරයා ලෙස පත්කර තිබේ.

Read More

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 39කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු මොරගහහේන තලගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙක් නව කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.