saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

Latest News - timelapse 8403 hours ago

LATEST

කොවිඩ් ආසාදිතයින් 462ක්

calendar_today 2020 දෙසැ 27 - 19:07 remove_red_eye - 143  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 462ක් අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

හෙට උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට තිබු වේල්ල විදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

ජනවාරි 17 න් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ගුවන් තොටුපොළ විවෘත කරන්න. පිටරට ඉන්න ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයට එන්න අවස්ථාව සලසලා දෙන්න. සංචාරක ව්‍යාපාරය සදහා ගුවන් තොටුපොළ විවෘත කරන්න. මේ හැම දෙයක්ම කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්. සංචාරකයින් ලංකාවට එන්න පැය 72 කට කලින් පීසීආර් එක කරනවා. සංචාරකයා ලංකාවට ආවට පස්සේ පීසීආර් එකක් කරනවා. සංචාරකයා දවස් 7 ක් විතර ඉදලා එලියට යනකොට නැවත පීසීආර් එකක් කරනවා.

Read More

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ එම බස් රථයේ දින කිහිපයක් පුරා ගාල්ල සහ කොළඹ දක්වා ගමන් කළ මගීන් මේ හේතුවෙන් අවදානමකට ලක්ව ඇති බවයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 650ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

ගාල්ල, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උක්වත්ත ප්‍රදේශයේ පැවැති මළ ගෙදරකට සහභාගී වූ තිදෙනෙක් මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

Read More

කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුරෙන් කරන ලද පී.සී.ආර්/ පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

Read More

ගාලු කොටුවේ පිහිටි ඇගලුම් කම්හලක සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් හෙට (28) ආරම්භ කිරිමට නියමිතව තිබු වෘත්තිය ක්‍රියමාර්ගය තාවකාලිකව අත්හිටුවිමට තිරණය කළ බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා අද දහවල් (27) ප්‍රකාශ කළේය.

Read More

හික්කඩුව තිරාණගම වෙරළ තීරයේදී ඊයේ (26දා) ඔලු දෙකේ සහ වරල් හයේ අස්වාභාවික කැස්බෑ පැටියෙකු ප්‍රදේශවාසීන්ට හමුවී ඇත.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් අද 27 වනදා පෙරවරුව දක්වා වූ ගෙවී ගිය පැය 24 ක කාලය තුල නව ආසාදිතයින් 100 ක් වාර්තා වීමත් සමඟ මධ්‍යම පළාතු තුලින් මේ දක්වා කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1570 දෙනෙකු වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.

Read More

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින විට ආබාධයකට ලක්වූ ධනංජය සිල්වාට දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියම අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.

Read More

කඩවත ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් ඔවුනගේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත (27) අළුයම කලමැටිය ධීවර වරායේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කෝටි 12කට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 25000ක් පමණ සැකකරැවන් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන ඇතැයි හුංගම පොලිසිය පවසයි .

Read More

පාරිභෝගකයන් පිළිබඳ නොසිතන වෙළෙඳුන් සහ ගොවියන් ගැන නොසිතන ගැනුම්කරුවන් වෙනුවට, රජයේ තීන්දු තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ග්‍රාමීය වෙළෙඳ ජාලයක් ඇති කිරීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

කොවිඩ් ආසාදිතව සපුගස්කන්දේ පුද්ගලයෙකු පැනගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම 26 දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකෙරිණි.

Read More

කොළඹ 09, වේලුවනාරාම පාර ප්‍රදේශය හුදකලා කර තිබේ.

Read More

අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

2021 ජනවාරි 7 වැනි දින සිට ප්‍රදාන සඳහා ඉල්ලුම් කළ හැකි බව ඇය සිය වෙබ් අඩවියේ අඟහරුවාදා නිවේදනය කළ අතර, ජනවාරි අගදී තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු සඳහා ප්‍රතිපාදන යවන බව ජනප්‍රිය ගායිකා බියොන්සේ කියයි.

Read More

චීනයේ නවීකරණයට 2021 විශේෂ වැදගත්කමක් ඇති වසරක් බව චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකයේ 13 වැනි ජාතික මහජන සම්මේලනයේදී නීති සම්පාදකයන්ගේ අවධානයට යොමු කෙරෙයි.

Read More

මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයට අනුව, මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය ඉස්මතු වූ එක්සත් රාජධානියේ සිට මෑතකදී ස්පාඤ්ඤය වෙත පැමිණි පුද්ගලයින් මෙම සිද්ධීන් හතරටම සම්බන්ධ වී ඇත.

Read More

එක්සත් රාජධානියේ හඳුනාගෙන ඇති නව වෛරස ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේදී සොයාගෙන ඇති අතර, විද්‍යාඥයන් පවසන්නේ එය වෙරළබඩ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වන බවය.

Read More

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ මෙම නව ප්‍රභේදය සඳහා පරීක්‍ෂා කර ඇති පුද්ගලයා එක්සත් රාජධානියේ සිට නත්තල් සමයේදී ස්වීඩනයට ගොස් ඇති අතර, එහිදී නව ප්‍රභේදය ඔහුගේ ශරීරයේ පැවතී ඇති බව හඳුනාගෙන තිබේ.

Read More

මෑතකදී එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි පුද්ගලයෙකු සම්බන්ධයෙන් කොවිඩ්-19 නව ප්‍රභේදයේ සිද්ධියක් සෙනසුරාදා තහවුරු වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව අද (27දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කර තිබුණේ, 331,740ක් ලෙසිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,756,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.