saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7889 hours ago

LATEST

කළුතර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

calendar_today 2020 ඔක් 20 - 19:19 remove_red_eye - 385  

කළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

බස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More

බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය

Read More

මිනුවන්ගොඩින් හමුවූ පළමු කෝවිඩ් 19 රෝගියාට එය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් ඒ සම්බන්දයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසීය.

Read More

කුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව හයිඩ්‍රාමනී කළමනාකාරිත්වය සඳහන් කරයි.

Read More

මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාධිතයන් 04 ක්,වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන් එක් අයෙක් සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාධිතයෙකුඊයේ දිනයේ (20) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 53 දෙනෙකු වාර්තාවී ඇති අතර මතුගමින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 30 ක් දක්වාද වලල්ලාවිට 2 ක් ලෙසද ඉහල ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මේ මාස කිහිපය ඇතුළත අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන් කීපදෙනෙකුටම මේ ලෝකෙන් සමු ගන්න සිද්ධ වුනේ ඔවුන් කිසිවෙකුත් නොසිතූ නොපැතූ විදිහටයි.’’එස්. එෆ් ලොක්කා’’ සහ අංගොඩ ලොක්කා ඝාතනය වෙලා තවම මාස දෙකක් ගත වෙලා නැහැ අද මධූෂ්, අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන කියමන වඩාත් අර්ථ ගන්වමින් නීතියේ දෙවගන ඉදිරියේ අපරාධ ලෝකයේ කිරුළු පලන් රජුන්ගේ සමුගැනීම අදත් හෙටත් මත්තටත් ඒ විදිහටම සිදුවේවි

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

දොම්පේ ප්‍රාදේශිය රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ක් බවට පත් කල බව එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී අරලිය පෙරේරා මහතා පවසයි.

Read More

මාතලේ, විල්ගමුව, හිඹිලියාකඩ ග්‍රාමයේ යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

පි සි ආර් පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් තහවුරු වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කළ කහතුඩුව හයිඩ්‍රාමනී ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 360 දෙනාගේ ප්‍රතිඵල සෘණාත්මක වී ඇති බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Read More

කොග්ගල ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (20) දින ලැබුණු පි.සි.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් අතර අද දින පෙරවරුවේ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි.

Read More

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

මීට අමතරව මාධ්‍ය නියාමනය සඳහා මැතිවරණ කොමිෂමට ඇති බලය 20 වැනි සංශෝධනයෙන් ඉවත් කළද එයද සම්මත කරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය බැවින් එයද ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව මැතිවරණ කොමිසමට මාධ්‍ය නියාමනය කිරිමේ බලය පවතී.

Read More

කොවිඩ් 19 පාලනය කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව පරිගණක යෙදවුමක් (app) නිපදවිමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම පරිගණක යෙදවුම නිර්මාණය කර තිබේ.

Read More

මෙම සියලුම ආසාදිතයන් මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි. මෙම රෝගීන් 60ත් සමගින් මිනුවන්ගොඩ පොකුරෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2222ක් දක්්වා වර්ධනවය වී තිබේ.

Read More

කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍ර දේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාදිතයෙකු සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු අද (20දා) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 49 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් -19 රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස වේදය පිළිබද මහාචාර්ය මලික් පීරිස් මහතා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (19දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල පවුල් 72,345ක් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම මේ සතිය තුළ අවසන් කරන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අද (20) උදෑසන සිට මෙම රුපියල් 5000 ගෙවීමේ කටයුතු ආරම්භ කෙරුනු බවයි.

Read More

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත. එ් අනුව කොළඹ ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

Read More

ටොරොන්ටෝ ජාත්‍යන්තර නවෝත්පාදන සහ උසස් නිපුණතා සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම තරඟාවලියට ශ්‍රී ලංකාවේ උගුර, කණ, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා විසින් ඉදිරිපත් කර තිබූ උගුර, කණ, නාසය පරීක්ෂා කිරීමේ විශේෂිත උපකරණය මෙලෙස රිදී පදක්කමින් පිදුම් ලැබ තිබේ.

Read More

පසුගිය සැප්තැම්බර් 30 වනදා කල් ඉකුත් විමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

Read More

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් ඇලබඩගම නැගෙනහිර ග‍්‍රාමසේවා වසමේ ආනන්ද රණවිරු මාවත ඊයේ (19 දා) රාත‍්‍රී හුදෙකලා කර ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.