යුක්රේන සංචාරකයන් යාල නැරඹීමට රැගෙන ගිය සෆාරි රථ රියදුරන් නිරෝධායනයට
මත්තල ගුවන්තොටුපොළින් පසුගිය 28 හා 29 දෙදින තුළ මෙරටට පැමිණි යුක්රේන සංචාරකයින් කණ්ඩායමක් රැගෙන යාල ජාතික උද්‍යානය නැරඹීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර තිබේ.
පසුගිය 02දා පස්වරුවේ යාල ජාතික වනෝද්‍යානයේ මෙම යුක්රේන සංචාරකයින් කණ්ඩායම සංචාරයක නිරත වී තිබෙන අතර ඒ සඳහා යුක්රේන ජාතිකයින් 102ක් සහ ළමුන් 11 දෙනෙකු ද එක්වී තිබේ.
කෙසේ නමුත් මෙම යුක්රේන සංචාරකයින් කණ්ඩායම රැගෙන යාල ජාතික උද්‍යානය නැරබීම සඳහා රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනා 02 දා රාත්‍රියේ දින 14ක නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණු අතර සෆාරි ජීප් රථ රියදුරන්ගෙන් ඊට දැඩි විරෝධතත්වයක්ද එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යාල සෆාරි ජිප්රථ මිතුරු සංසදයේ සභාපති තරිදු ජයසිංහ කියා සිටියේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සෆාරි ජිප්රථ රියදුරන් හෝ සංගමය මිට පෙර දන්වා නොසිටි බවත් ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් සෆාරි ජීප් රථ සංගමයේ සභාපති ලෙස පෙනී සිටිමින් සිදුකළ වැරදි දෙයක් නිසා රියදුරන් 28ට දෙනෙකුට මේ ආකාරයෙන් නිරෝධායනය වීමට සිදුවූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

