saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7886 hours ago

LATEST

විපක්ෂනායක දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් - පවිත්‍රා - සජිත් උණුසුම් වාදයක

calendar_today 2020 ඔක් 21 - 10:35 remove_red_eye - 1701  

කොවිඩ් 19 සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් පාර්ලිමේන්තුවේදී ඇතිවිය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සෙහොයුරු රියාජ් බද්යුදීන් මහතා අභියාචනාධිරකරණයට ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂෙප කර තිබේ.

Read More

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන අද පස්වරු 6.00 ට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

වෙඩි හුවමාරුවේදී ඝාතනයට ලක්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

අද (21දා) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරස රෝග තත්ත්වය හේතුවෙන් පරිසර අමාත්‍යාංශයේ මහජන දිනය පැවැත්වීමේ දී මුහුණ දිය හැකි ගැටලු සහගත තත්ත්වය අවම කර ගැනීම සඳහා මහජන දිනය ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්ට උප‍දෙස් දී තිබේ.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ පොලිස් නිලධාරියෙක් වාර්තාවීමත් සමග තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළිත් පෙරවරු 9.00 සිට සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය සඳුදා, අයර්ලන්ත රජය නිවේදනය කළේ, ආසාදන ඉහළ යාම පාලනය සඳහා ඉදිරි සති හය සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවය.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 125 දෙනෙකු ගතවු පැය 24තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

දියතලාව මුරුතලාව ප්‍ර දේශයේ අවුරුදු 43ක් වන කාන්තාවක් මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.

Read More

සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා පොලීසිය ජනතාවගෙන් නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස දැනුම් දුන් විට එම උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

සී.එන්.එන්. සේවයේ ඇන්ඩර්සන් කූපර් සිය දෑස් පියාගත් පසු, එරට භාවනා උපදේශක කබට්-සින් භාවනා සැසිය ආරම්භ කළේ සීනුවක් හඬවමින්, එම ශබ්දයට නිහඬව ඇහුම්කන් දෙන ලෙසත්, ශරීරයේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය පිළිබඳ සිහියෙන් සිටින ලෙසත් ප්‍රේක්ෂකයාට උපදෙස් ලබාදෙමිනි.

Read More

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එම පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කෙරෙනවා.

Read More

පූගොඩ පොලීසිය විසින් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙක් හදිසියේ අසනීපවී මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (21) ආරම්භවීමට නියමිතව තිබේ.

Read More

මෙය වසංගතය මුල් අවධියේ හෝ පළමු රැල්ලේදී එය හොඳින් පාලනය කළත්, මේ වනවිට එහි දෙවැනි රැල්ලෙන් දැඩිව බැටකන ඇතැම් රාජ්‍යයන්ටද වලංගු තත්ත්වයක බව කියැවේ.

Read More

රුසියාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව පවසන්නේ, මරණ ගණනය කරන ආකාරය සහ මේ වසරේදී අතිරික්ත මරණ අනුපාතය වාර්තා වී නොමැති නිසාය.

Read More

’’ඔබ එය පෞද්ගලිකව ගතහොත් එය එහෙම වේවි. නමුත් මම මුළුමනින්ම අවධානය යොමු කරන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය ගැනයි. මගේ වෘත්තීය ජීවිතයේ වසර 50ක් ඒ සඳහා මා කැප කළා’’ වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,557,000ක් පසුකර ඇති අතර, කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදීම ගැටලුවක් වී තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුදවා ගැනිමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යායේ අධ්‍යක්ෂකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 120 දෙනෙකු හදුනා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය කළ එතනෝල් බැරල් 80ක් ලීටර් 15,308ක් සහිත කන්ටේනරයක් රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

යාපනය විශ්ව විද්‍යාලයේ හා උතුරේ අධ්‍යාපන ගැටලු සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට පොරොන්දු වි තිබේ.

Read More

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ 32 මහලේ සේවකයෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය නිවේදනය කරයි

Read More

කළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සුබ්‍රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද (20) ආරම්භ වූ අතර එම කටයුතු මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහ නගර සභාව හා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර මූලස්ථාන පොලිසියේ ආරක්ෂාව යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය මඟින් සිදුකිරීමට නියමිතය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගත වූ පැය 24 ක කාළය තුළ , එනම් 10/20 දින සවස 4.00 දක්වා කාළය පමණ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර , එයින් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල නියුතු සේවකයින් බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.