saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8177 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 1,750,000ක සීමාව ඇවිත්

calendar_today 2020 දෙසැ 26 - 06:24 remove_red_eye - 234  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 800ක සීමාවට පැමිණ ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 54ක පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වීම නිසා මියගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 189කි.

Read More

පෑලියගොඩ, මිනුවන්ගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා තිබේ . ඒ එම පොකුරුවලින් කොවිඩ් ආසාදිතයන් 551ක් ඊයේ දිනයේදී වාර්තා වීමත් සමගිනි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේදී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද දින උදැසන සිට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවකදි එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ 28 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 461ක් හඳුනාගෙන ති​​​බේ. ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත සංඛ්‍යාව 39692ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 771 දෙනෙකු අද (25) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස රජයට බල කරමින් තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අකුරණ නගරයේදී අද 25 වනදා සවස විරෝධතාවයක් පැවැත්විණ.

Read More

එක්තරා පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහළුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිළි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට අද (25දා) පෙරවරුවේ උපදෙස් දුන්නේය.

Read More

වෙනත් අයෙකු සතු කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මෙකී පුද්ගලයා මානසික අබාධයකින්ද පෙළෙන අතර ඔහු මීට දින 06කට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කළ රොගියෙකි. හුස්ම ගැනිමේ අපහසුතාවය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කොට තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 599 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 06 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත 12/25 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ පැමිණ තිබේ.

Read More

මාරික රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් ජීවිතක්ෂයට පත්ව තිබෙ. ඊයේ දිනයේදී මෙම මාරක අනතුරු පහ සිදුව තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය සැලකීමට ගෙන ජනවාරි මස 31 වන දින තෙක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසයි.

Read More

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ,ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් 08 දෙනෙක් සහ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරයෙක් (24) දින ස්වයං නිරෝධානයට යොමු කර එම පිරිස පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

Read More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව ඊයේ (24) දිනය වනවිට 24 දක්වා වැඩිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 771ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

(LONG READS)” වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.” (ජෙරමියා 9:21)

Read More

විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව පවසමින්, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැනි සිට දේශීය විදේශීය විනිමය වෙළෙඳ පොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මේ තත්ත්වයත් සමග එරට එන්නත් කිරීමේ ව්‍යාපාරය ඉරිදා ආරම්භ වීමට නියමිතය. ඒ අනුව ප්‍රංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාව ලබාදෙන බව රජය පවසයි.

Read More

අද දිනයේ සිට පසුගිය දින 21 තුළ චීනයෙන් පිටත ස්ථානවලට ගිය අමුත්තන් දින 14 ක් සඳහා නිරෝධායනය කරනු ලබන අතර, නම් කරන ලද හෝටල්වල මෙම නිරෝධායනය සිදුවන බව කියයි.

Read More

එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, වසංගතය හමුවේ සෞඛ්‍ය සේවකයන් වඩාත් අවදානමට ලක්ව ඇතැයි මෙක්සිකෝ රජය තේරුම් ගෙන ඇත.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.

Read More

නිවසේ සිට ටෙලිහෙල්ත් ක්‍රමයට සේවය කරන ඇතැම් සේවකයන් එන්නත ලබාගෙන තිබුණත්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට එන්නත ආරම්භක මාත්‍රාවලට හිමිකම් කීමට නොහැකි වී ඇති බව ද ගාඩියන් පුවත්පත හෙළි කරයි.

Read More

තුර්කියේදී චීනයේ සිනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් එන්නත සම්බන්ධයෙන් මෙවැනි ඇගයීමක් ලැබෙන්නේ, බ්‍රසීලයේ අත්හදා බැලීම් අධීක්ෂණය කරන බුටැන්ටන් ආයතනය පසුගිය බදාදා එය ඵලදායී බවටත්, පරීක්ෂාවට ලක් කෙරෙන සියලු දෙනාම ආරක්ෂිත බවටත් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

Read More

ට්විටර් පණිවුඩයක් යොමුකරමින් අගමැතිනිය කියා තිබුණේ, යුරෝපයේ එන්නත ලබාදුන් මුල්ම අගමැතිවරයා වීමට ලැබීම තමාට ගෞරවයක් බවයි. ඒ වගේම මේ එන්නත රට තුළ ලබාදීම ඇරඹීම මෙම සටනේ විශාල පියවරක් බවද ඇය කීවාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,740,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට (25දාට) යෙදී ඇති නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

Read More

අද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.