මෙක්සිකෝව කොවිඩ්-19 ට එරෙහිව එන්නත් දීම අරඹයි
ලතින් ඇමරිකාවේ කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබාදීම ඇරඹි පළමු රට ලෙස මෙක්සිකෝව එරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබේ.
මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරයේ හෙදියක් වන මාරියා අයිරින් රාමරෙස්, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් පළමු වැනි පුද්ගලයා බවට පත්විය.
එරට වැඩිහිටියන් වෙත යාමට පෙර සෞඛ්‍ය සේවකයන් කෙරෙහි අවධානය යොමු කිරීමේ රජයේ උපාය මාර්ගයේ කොටසක් වන අතර, ඔවුන් වඩාත් අවදානමට ලක්ව ඇතැයි මෙක්සිකෝ රජය තේරුම් ගෙන ඇත.
"මම ටිකක් නොසන්සුන් නමුත් සතුටින්, අවංකවම, එය 2020 දී මට ලැබිය හැකි හොඳම ත්‍යාගයයි. දැන් මට මෙම අදෘශ්‍යමාන සතුරාට එරෙහි යුද්ධය වඩාත් ශක්තියෙන් හා වැඩි විශ්වාසයකින් යුතුව ඉටුකිරීමට පුළුවන්"යනුවෙන් ඇය පැවසුවාය.
"අපි ඉදිරියට යා යුතුයි. ඔව්, අපි ඉතා බියෙන් සිටියා. නමුත් අපට මේ උත්සාහය මෙහෙයවිය යුතු නිසාත්, සටන් පෙරමුණෙහි ඉදිරියට යාමට මම කැමැත්තෙන් සිටින නිසාත් අපට ඉදිරියට යෑමට පුළුවන්." ඇය වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

